ග්‍රාම නිලධාරීන්ට හැදූ සේවා ව්‍යවස්ථාව හෙට ජනපතිට

68

මේ වනවිට අකුරට වැඩ කිරීමේ ක්‍රියා මාර්ගයක යෙදී සිටින ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව තමන්ගේ වෘත්තියට අදාළ සේවා ව්‍යවස්ථාවට අදාළව සකස් කළ යෝජනා ඇතුළත් කෙටුම්පත ජනාධිතිවරයා වෙත යොමුකිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට භාරදීම හෙට (03දා) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව ඇත.

එම කෙටුම්පතෙහි සඳහන් ග්‍රාම නිලධාරි සේවා ගැටලු සම්බන්ධව වහාම විසඳුම් ලැබිය යුතුව ඇති යෝජනාවලිය ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානිවරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂවරයා වෙත භාරදී දින 14ක් තුළදී තම සේවා ව්‍යවස්ථාවට අදාළ විසඳුමක් ලබාදීමට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එකඟවී ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment