ග්‍රීන්ලන්තය ඇමරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරමින් සිටින සැලසුම් බැරෑරුම් බව තමා විශ්වාස කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. කෙසේ වුවද ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගැනීමේ සැලසුම් සඳහා දීර්ගකාලීන ඓතිහාසික මූලයක් පවතින බවත් එය රුසියාවට සම්බන්ධ දෙයක් නොවන බවත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
උතුරු රුසියාවේ පිහිටි මුර්මන්ස්ක් නගරයේ පැවැති ආක්ටික් සමුළුව අමතමින් රුසියානු ජනාධිපති පුටින් මෙම කරුණු අනවරණය කර තිබේ.
කෙසේ වුවද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ව විවේචනය කර නොමැත. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රුසියානු ජනාධිපතිවරයා ඉදිරියේදී බටහිර රටවල් ආක්ටික් කලාපය අර්බුදකාරී අවස්ථාවලදී උල්පත් මාර්ගයක් ලෙස භාවිත කිරීමේ අවදානමක් ඇති බව පවසා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ