ගෑස් මිල බස්සයි

78

ලිට්‍රෝ- 150කින්

ලාෆ් – 160කින්

ලිට්‍රෝ ගෑස් මිල අද (05දා) සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3790කි.

එසේම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1525කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩුකර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 712කි.

මේ අතර කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 160කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල වනුයේ රුපියල් 3680කි.

එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල වනුයේ රුපියල් 1477කි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment