ගිය මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

84

ඉකුත් අප්‍රේල් මාසයේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 4.1කින් අඩු වී ඇත. මේ අනුව ගිය වසරේ (2023) අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 848.6ක් වූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ (2024) අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 813.81ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

මේ අතර ගිය වසරේ අප්‍රේල් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 251.86ක් වූ සේවා අපනයන ආදායම මේ වසරේ (2024) අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 300.41ක් දක්වා සියයට 19.28කින් ද වැඩි වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මේ අනුව භාණ්ඩ හා සේවා මුළු අපනයන ආදායම අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1114.22ක් දක්වා සියයට 1.25කින් වර්ධනය වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment