2025 අයි.පී.එල්. තරගාවලියේ 9 වැනි තරගය ලෙස පැවැති ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය.
පෙරේදා (29 දා) නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබාගැනීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ ලබාගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් වීම හේතුවෙන් ලකුණු 36ක ජයක් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමිවිය.
ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සායි සුදර්ශන් ලකුණු 63ක්, ජොස් බට්ලර් ලකුණු 39ක්, ශුබ්මන් ගිල් ලකුණු 38ක් සහ ෂෙෆර්නි රදර්ෆඩ් ලකුණු 18ක් ලැබීය.
පන්දු යැවීමේදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 29කට කඩුලු 2ක් දවාලීය.
මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සූර්ය කුමාර් යාදෙව් ලකුණු 48ක් සහ තිලක් වර්මා ලකුණු 39ක් ලැබීය.
පන්දු යැවීමේදී ප්‍රෂිද් ක්‍රිෂ්ණා ලකුණු 18කට කඩුලු 2ක් සහ මොහොමඩ් ශිරාජ් ලකුණු 34කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස ප්‍රෂිද් ක්‍රිෂ්ණා සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්