හුවාවි සමාගමෙන් ජනපතිට පොරොන්දුවක්

798

ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට සූදානම් බව චීනයේ හුවාවි (Huawei) සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා ඇත.තම සමාගම දැනටමත් තාක්ෂණ හා යටිතල පහසුකම් සැපයිමේ කාර්යයට අමතරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් සමගම අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව ද සයිමන් ලින් මහතා සදහන් කර තිබේ.චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස ඊයේ බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී සයිමන් ලින්ග් මහතා මේ බව ප්‍රකාශ කළේය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment