2024 ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ පිරිමි ශුරතාවය (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ විසින් දිනාගත් අතර එහි කාන්තා ශුරතාවය අනූෂා සේනාධීර විසින් දිනා ගන්නා ලදි.
තරඟාවලියේ දක්ෂතම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් අසන්ත ගුණරත්නට හිමි විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් විසින් 11 වන වරටත් මෙවර තරගාවලිය සංවිධානය කරනු ලැබීය. තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන ප්‍රදානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පවත්වන ලදි. මෙම තරගාවලිය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු දෙස් විදෙස් ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 කට අධික පිරිසක් සහභාගි වූහ. ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලිය සඳහා මෙවරද ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබීය.