ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, එහි නවතම ගෙවීම් එකතු කිරීමේ හවුල්කරු ලෙස ජාතියේ ප්‍රමුඛ පෙළේ සිල්ලර භාණ්ඩ අලෙවි සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමග උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

කාර්යක්ෂම ගෙවීම් එකතු කිරීමේ සේවාවක් සැපයීම සඳහා දිවයින පුරා පිහිටි සිංගර් සමාගමේ පුළුල් අලෙවි සල් ජාලය හරහා පාරිභෝගිකයින්ට වඩා පහසු සේවාවක් සැපයීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.

මෙම හවුල්කාරීත්වය යටතේ දිවයින පුරා සිංගර් අලෙවි සල් 435ක් හරහා යූනියන් ඇෂුවරන්ස් මුදල් එක්රැස් කිරීමේ ස්ථාන තවදුරටත් පුළුල් වනු ඇත. රක්ෂණ ඔප්පු හිමියන්ට එම ඕනෑම ස්ථානයකදී ගෙවීම් කළ හැකි අතර, ඔවුන්ගේ ජීවිත රක්ෂණ වාරික සහ ණය කළමනාකරණය කිරීම පහසු වනු ඇත. තෝරාගත් සිංගර් ශාඛාවල පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා මුදල් ගෙවීමේ කටයුතු සිදු කළ හැකිය.

මෙම පුළුල් සේවාව හරහා රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නම්‍යශීලී බවක් සහතික කරමින්, සාමාන්‍ය ව්‍යාපාරික වේලාවෙන් පසුව පවා ඔවුන්ගේ පහසුව අනුව සිංගර් අලෙවිසල් වෙත යාමට ඉඩ සැලසෙයි. රක්ෂණ හිමියන්ගේ කාර්ය බහුල ජීවිතය අතරතුර සිය රක්ෂණ සැලසුම් කළමනාකරණය කර ගත හැකි බව සහතික කරමින්, රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ රක්ෂණ සැලැස්මේ තත්ත්වය සහ ගෙවීම් තහවුරු කිරීම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ද ලැබෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment