ගෝල්ෆේස් අරගල බිම ගැන ඇමැති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්

248


ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ප්‍රදේශය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සාවද්‍ය පදනම් විරහිත හා ජනතාව නොමඟ යවන ප්‍රකශයක් බවද සඳහන් කළේය.

රටට ආයෝජකයන් ගෙන ඒමට රජය කටයුතු කරද්දී ජනතාව තුළ වැරදි මත පතුරවමින් එය කඩාකප්පල් කිරීමට විපක්ෂය උත්සාහ දරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment