චමරිලා වසර 16කට පසු ලද ජය

488

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද පැවති අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුවට පන්දුවට දුණි.එහිදී නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු සංඛ්‍යාව 275ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 91ක් ද නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34 පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 115කි.

ඒ අනුව තරගාවලිය තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගැනීමට සමත් විය.
මෙය වසර 16කට පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් තරගාවලියක් ජයගත් අවස්ථාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment