චමීර සීමිත පන්දුවාර තරගවලටත් නැහැ: පැතුම් යළි එයි!

298

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා 20යි 20 තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයෙ (17වැනිදා) ප්‍රකාශයට පත් කරන ලද අතර ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක එක්දින හා 20යි 20 සංචිත දෙක සදහා ඇතුළත් කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිත සඳහා ක්‍රීඩකයන් 18 දෙනකු බැගින් නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇති අතර එක්දින සංචිතය සඳහා ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් යළි කැඳවා ඇත.

පන්දු වාර 20-20 සංචිතය සඳහා කුසල් ජනිත් පෙරේරා යළි කැඳවා තිබේ.

චමීර සීමිත පන්දුවාර තරගවලටත් නැහැ: පැතුම් යළි එයි!

එමෙන්ම එක්දින සංචිතය සඳහා සහන් ආරච්චිගේ මෙන්ම 20යි 20 සංචිතය සඳහා ලසිත් කෲස්පුල්ලේ නම් කර තිබෙන අතර සධීර සමරවික්‍රම හා නුවනිදු ප්‍රනාන්දු සංචිත දෙක සඳහාම ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නවසීලන්ත සංචාරයේ සීමිත පන්දුවාර තරග සඳහා ද එක් එක් කරගෙන නොමැත.

චමීර වෙනුවට එක්දින සංචිතය සඳහා මතීෂ පතිරණ ආදේශ කිරීමටත්, 20යි 20 සංචිතය සඳහා ප්‍රමෝද් මදුෂාන් ආදේශ කිරීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මාර්තු 25 වැනිදා දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ඔක්ලන්ඩ් හි දී යි. දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ද, තෙවැනි එක්දින තරගය මාර්තු 31 වැනිදා හැමිල්ටන් හී දී ද පැවැත්වීමට නියමිතයි. පසුව 20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වනවා. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙළින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හි දී යි පැවැත්වීමට නියමිතව ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment