චාල්ස් රජුගේ ඉටි ප්‍රතිමාවේ චොක්ලට් කේක් තැවරූ 4 ක් අත්අඩංගුවට

302

දේශගුණ ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය සඳුදා (24දා) ලන්ඩනයේ මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ ඉටි ප්‍රතිමාවට චොකලට් කේක් ආලේප කර ඇත.

ලන්ඩන් පොලිසිය පසුව මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ජස්ට් ස්ටොප් ඔයිල් නම් සංවිධානයට අයත් පිරිසක් චාල්ස්ගේ ප්‍රතිමාවට මෙසේ විරෝධය දක්වා ඇත්තේ නව තෙල් සහ ගෑස් බලපත්‍ර සහ ලබාදීම නතර කරන ලෙස බල කරමිනි.

අප සැමගේ උරුමය වන හරිත හා ප්‍රසන්න භූමිය ආරක්ෂා කර ගැනීම තම අරමුණ බව මොවුහු පවසති.

චතුර පමුණුව


advertistmentadvertistment