ඡන්දෙ දීලා පාලකයන් පත්කර ගත්තට වැඩක් නෑ: – අද රට පාලනය කරන්නේ IMF එකට ඕනෑ විදිහට

72

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්

ජනතාව ඡන්දෙ දීලා පාලකයෝ පත්කර ගත්තට වැඩක් නැහැ. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටනවා නම් අප රටේ පාලනය දැන් රටේ පාලකයන් අතින් ගිලිහී ගිහින් ඉවරයි. දැන් රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕනෑ විධියටයි.

වොෂිංටනයෙන් අප රට පාලනය කරන එකට තිත තබා ස්වාධීන පාලනයක් බිහිවනතුරු අප රට ගොඩනැඟිය නොහැකියි යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

අපිට සල්ලි තියෙනවා, අරක තියෙනවා. මේක තියෙනවා කියලා කයිවාරු ගැහැව්වාට වැඩක් නැහැ. රටේ ව්‍යවසායයන් ලක්‍ෂ දෙකහමාරක් පාරට වැටිලා. ලක්ෂ 10ක පමණ ජනතාවට විදුලිය පාවිච්චි කිරීමට හැකියාවක් නැති වෙලා. රටක් ඉදිරියට ගෙන යෑමට නම් ජනතාවට තුන් වේල කා ජීවත් විය හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිය යුතු බවද හෙතෙම පැවැසීය.

අප රටේ පාලනය කවුරු භාරගත්තත් වැඩක් නැහැ, රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති පොලී අනුපාත සකස් කිරීමේ බලය වොෂිංටනයටම දීලා බලාගෙන ඉන්නවා නම්. මේ රට ආර්ථික වශයෙන් ගොඩනැඟිය හැකි නායකයෙක් ඇති බව පේන්නේ නෑ. අපිට දැන් වෙලා තියෙන්නේ ඇමරිකාවට එහෙමත් නැති නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරුවලට පත්වෙන අය දිහා බලාගෙන ඉන්න එක පමණයි යැයි ද හෙතෙම වැඩිදුරටත් මාධ්‍ය අමතමින් පැවැසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment