2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මේ මොහොත වන විට අවසන් ය .
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ කෙරුණු අතර එය පස්වරු 4ට අවසන් කිරීමට නියමිතව තිබිණි .ඒ අනුව මීට සුළු වෙලාවකට කලින් එම කටයුතු අවසන් කෙරිණි .
පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර තිබු ආකාරයට , සිදුවීම් කිහිපයක් හැරුණු කොට ඡන්දය ශූන්‍ය කිරීමට තරම් ප්‍රමාණවත් තරම් සිද්ධි වාර්තා වී නැත.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවත් සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතය.