ජනතාව අන්දවන්නේ නෑ කරන්න පුළුවන් දේ කොහොම හරි කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

35

සක්වල හා හුස්ම වැඩසටහන්වලට වැය කරන මුදල් පක්ෂය ශක්තිමත් කරන්න යොදා ගත හැකි බවට ඇතැම් අය කිව්වත් අප සැවොම දේශපාලනයේ සැබෑ අර්ථය කුමක්ද කියා අවබෝධ කර ගත යුතු බවත් දේශපාලනය යනු දේශයට සේවය කිරීම මිස පක්ෂ ප්‍රවර්ධන නොවන බවත් එය පරිනතව කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 220 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. මෙවර උසස්පෙළ විභාගයෙන් ඒ 3 ක් ලබා අම්පාර දිස්ත්‍රික්කයෙන් 6 වැනියා වූ දියණියකට රු.25000ක මුදලක් ද පරිත්‍යාග කළේය.

අද වන විට තමා මේ සිදු කරන සේවාවට මුහුණු පොත හරහා මුදල් ලබා දී සංවිධානාත්මකව මඩ ප්‍රහාර එල්ල කරන බවත් තමා කිසිම අවස්ථාවක මත්පැන්, මත්ද්‍රව්‍ය බෙදා දුන්නේ නැති බවත් මේ බෙදිල්ලට විරුද්ධ අධ්‍යාපනයේ සදාකාලීක බෙදීමක් පවත්වා ගැනීමට කැමති අය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දේශපාලනඥයන් සිංහල පමණයි, දමිළ පමණයි කියා සමාජ බෙදීමක් ඇති කර ඡන්ද ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුන් සිතන්නේ පාසල් දරුවන් හා රටේ ජනතාව ගැන නොව ජාතිය හෝ ආගම අවුස්සා හරි ඡන්ද මල්ල වැඩි කර ගැනීමට කටයුතු කරන බවත් මේ පටු දේශපාලනය බැහැර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තමා පසුගිය කාලයේ සිටි නායකයෝ මෙන් බොරු පොරොන්දු ලබා නොදෙන බවත් තමා කිසිම අවස්ථාවක ජනතාව රැවැටීම හෝ ඇන්දවීම නොකරන බවත් කරන්න පුලුවන් දේ කොහොමහරි කරනා බවත් බැහැ නම් නොකර සිටිනා බවත් බොරු පොරොන්දු ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment