බස්-ලොරි-ට්‍රක්-බවුසර් ආනයන සීමා ලිහිල් වන ගැසට්ටුව නිකුත් කෙරේ

92

පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා තෝරා ගත් වාහන සඳහා පැවැති ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ ගැසට් නිවේදනය අනුව ප්‍රධාන එච්.එස් වාර්ගීකරණයන් තුනකට අයත් බස් රථ ලොරි රථ, ට්‍රක් රථ, සහ බවුසර් රථ ඇතුළු තෝරාගත් වාහන රැසකට අදාළව ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ඉවත්වේ.

මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ආනයනය සහ අපනයන පාලන රෙගුලාසි යටතේ මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදු කර ඇත.

මේ ගැසට් නිවේදනය ප්‍රකාරව රියැදුරු ද ඇතුළුව ආසන දහයක් හෝ ඊට වැඩි මෝටර් වාහන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන, ආපදා ලොරි රථ, ගිනි නිවන වාහන, කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේ ලොරි රථ මාර්ග අතුගාන ලොරි රථ සහ ජංගම විකිරණ ඒකක ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළව පනවා තිබූ ආනයන සීමා ලිහිල් කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment