ජනපතිවරණය පස්සට මහ ඡන්දය කලින්ම

1670

රටේ දැනට පවතින තත්ත්වය මත ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ආණ්ඩු පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසන් තීන්දුවක් ගතහොත් පාර්ලිමේන්තුව ලබන වසරේ (2024) ජනවාරි මස දී විසුරුවා හැර ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර (අප්‍රේල්) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට නැවත වතාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම සහ ඊට විරුද්ධව ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 20කට අධික කණ්ඩායමක් විපක්‍ෂයට ගනු ඇතැයි ජනාධිපති වෙත බුද්ධි අංශ වාර්තා කර තිබීම ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට යෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ගයකි.

එබැවින් ආණ්ඩුවට බහුතර බලය අහිමිවී යන බැවින් මෙලෙස ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ඇතැයි ද එය ලබන වසරේ අප්‍රේල් මස මුල් සතිය තුළ සිදුවනු ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment