ජනපති ඉන්දියාවට දුන් පොරොන්දු සහ ගිවිසුම් ගැන දයාසිරි විවාදයක් ඉල්ලයි

109

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවට ගොස් අත්සන් කරන ලද ගිවිසුම් සහ ලබාදීමට පොරොන්දු වූ දේ පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විවාදයක් ඉල්ලා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ ද කීය.

ජනාධිපතිවරයා ඉන්දියාවත් එක්ක අත්සන් කර තිබෙන ගිවිසුම් පිළිබඳව අපට විවාදයක් ඕනෑ. පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම්වලටවත් ඒ පත් කළ කාරක සභාවලටවත් අපේ කිසිම නියෝජනයක් නෑ. අපි බිස්නස් කමිටුවේ හිටියා නම් මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලනවා. අපි දන්නේ නෑ ජනාධිපතිතුමා ඉන්දියාවේ ගිහින් මොනවා අත්සන් කළාද කියලා. ත්‍රිතුණාමලය සම්පූර්ණයෙන් පවරා දෙනවා. කන්කසන්තුරය සහ පලාලි ගුවන් තොටුපළ පවරා දෙනවා. පාර්ලිමේන්තුව දන්නේ නෑ. නමුත් ජනාධිපති කියනවා පාර්ලිමේන්තුව තමයි උත්තරීතරම ආයතනය කියලා. ජනාධිපති ඉන්දියාවේ ගිහින් අත්සන් කළ ගිවිසුම් මොනවාද, ගත්තු තීන්දු මොනවාද කියලා අපිට විවාදයක් දෙන්න.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment