වසර 13 කට පෙර දස හැවිරිදි දැරියට හදි කළ අවිවාහකයාට වසර 10ක සිරදඬුවම්

543

වසර 13කට පෙර ලුණුගම්වෙහෙර පඩව්ගමදී දස හැවිරිදි දැරියක බරපතළ ලෙස අපයෝජනයකට ලක් කළ 72 හැවිරිදි අවිවාහක පුද්ගලයකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා 25දා සවස නියෝග කෙරිණි.

මෙලෙස සිර දඬුවම්, දඩ හා වන්දි ගෙවීමට නියම වුයේ ලුණුගම්වෙරෙ පඩව්ගම පදිංචිව සිටි එස්. එච්. ආරියදාස නමැති 72 හැවිරිදි අවිවාහක පුද්ගලයකුටය.

චුදිත 2010. 09. 26 දින ලුණුගම්වෙරෙ පඩව්ගමදී මෙම අපරාධය සිදු කර තිබේ. අගතියටපත් දැරියගේ මව මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට මියගොස් සිට ඇති අතර දැරියගේ පියා වෙනත් වරදක් හේතුවෙන් රිමාන්ඩ් භාරයේ පසුවී තිබේ.

මව හා පියා යන දෙදෙනාම නොමැති වීම නිසා දැරිය මිත්තණියගේ ආරක්ෂාව යටතේ පාසල් අධ්‍යාපනය සඳහා ගොස් තිබේ. දැරියගේ වැඩිමහළු සහෝදරයා 17 හැවිරිදි වියේ පසු වූ අයෙකු වන අතර ඔහු

ලුණුගම්වෙහෙර ජලාශයේ මාළු ඇල්ලීමේ නිරත වී තිබේ. මාළු ඇල්ලීමේ රැකියාවේදී දැරියගේ වැඩිමහළු සහෝදරයා සමග හිතවත් වී ඇති චුදිත නිතර මෙම දැරියගේ නිවසට පැමිණ තිබේ. ඒ අනුව 2010.09.26 දින චුදිත මෙම දැරියගේ නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ 10 හැවිරිදි දැරිය පමණි. ඇයද පාසල් ගොස් නිවසට පැමිණ කාමරයේ නිදාගෙන සිට තිබේ. එම අවස්ථාවේ නිවසට ඇතුළු වී ඇති චුදිත නිවසේ නිදාගෙන සිටි දැරියට අතරවර කර තිබේ. පසුව දැරිය මේ සම්බන්ධයෙන් දැරියගේ මිත්තණියට දන්වා තිබේ. ඒ අනුව මිත්තණිය විසින් ලුණුගම්වෙහෙර පොලිසියට සිදුකල පැමිණිල්ලකට අනුව චුදිත අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව අධිචෝදනා දෙකක් යටතේ 2017.06.28 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. .ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිතට එරෙහිව නගාතිබූ අධිචෝදනා දෙකෙන් පළමු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙනි චුදිතට පහත පරිදි දඬුවම් නියම කෙරිණි.

අදාළ චෝදනාට අනුව චූදිතට වසර 10ක බරපතළ වැඩ සහිත දඬුවමක් නියම කළ අතර චුදිතට රුපිල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණි. චුදිත දඩ මුදල නොගවන්නේනම් තවත වසර 01ක බරපළ වැඩ ඇති සිර දඬුවමක් නියම කෙරිණි. ඊට අමතරව අගතියටපත් දැරිය වෙත රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා චුදිතට නියම කළ අතර චුදිත එම වන්දි මුදල නොගෙවයි නම් පහත දඬුවම්වලට අමතරව වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment