නීතියට පිටින් ලුණු අර්බුද දීමනාව කෝටියක්ම ගෙවලා

92

සීමාසහිත ජාතික ලුණු සමාගම විසින් චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව එහි නිලධාරීන් 111 දෙනකු සඳහා ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මස සිට මාස 06ක කාල සීමාවක් සඳහා දෛනිකව අර්බුද දීමනාව වශයෙන් රුපියල් එක්කෝටි තිස්දෙදහස් අනූඅටක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ලුණු සමාගම විසින් 2022 වර්ෂයේ ජුනි මස සිට 2022 දෙසැම්බර් දක්වා සියලුම නිලධාරීන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් ගෙවා තිබුණි. එම දීමනාව නවතා ඉකුත් වර්ෂයේ මුල් මාස හය සඳහා නිලධාරීන්ගේ තනතුරු මත රුපියල් 500 හා 850 අතර දෛනිකව අර්බුද දීමනාවක් වශයෙන් මෙකී මුදල ගෙවා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

චක්‍රලේඛ ප්‍රකාරව දීමනා ගෙවීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment