පාස්පෝට් වැඩ රිද්මයට ගලයි

216

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති වී තිබූ ප්‍රමාදයන් මේ වනවිට අවසන් කොට සාමාන්‍ය අතට පත්කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත්ව සිටී.

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ මෙහෙයවීම මත මෙම පියවර ගෙන ඇත. එසේම දැනට ක්‍රියාත්මක දින වෙන්කර ගෙන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු තත්ත්වය නොබෝ දිනකින් අවසන් කිරීමට ද දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව දිනකට විදේශ ගමන් බලපත්‍ර දෙදහස් පන්සියයක් පමණ කඩිනමින් නිකුත් කිරීමට හැකි වී ඇතැයි ද එහි නිලධාරීහු කියා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment