ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන – The Beauty Of Sri Lanka – Sri Lanka In Focus-2023

434

අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනය 22-23 ලොස් ඇන්ජලීස් නුවරදී…

ශ්‍රී ලාංකේය විචිත්‍රත්වය ලොවට කියන හා දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කෙරෙන The Beauty Of Sri Lanka -2023 ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UCLA) දී අප්‍රේල් මස 22-23 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන - The Beauty Of Sri Lanka - Sri Lanka In Focus-2023

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලය සහ එහි ප්‍රධානි කොන්සියුලර් ජනරාල් ආචාර්ය ලලිත් පී. චන්ද්‍රදාස මහතාගේ පූර්ණ ආශිර්වාදය මැද ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ සභාපති සූරිය පෙරේරා මහතාගේ අධීක්ෂණය හා මඟපෙන්වීම මත එම සංගමයේ සියලු සාමාජිකයන්ගේ දායකත්වයෙන් මෙසේ The Beauty Of Sri Lanka ප්‍රදර්ශනය මෙවරත් සංවිධානය කර ඇත්තේ වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනයක් ලෙසිනි. ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ආචාර්ය ලලිත් පී. චන්ද්‍රදාස මහතා මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිත අතර, මහාචාර්ය බ්‍රෙඩ් ෂෆර් (Prof Brad Shaffer – Founding Director of the UCLA La kretz Center for California Conservation Seience) මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතය. ප්‍රදර්ශනය අප්‍රේල් 22 දින එරට වේලාවෙන් පෙරවරු 10.00 ආරම්භ වෙයි.

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන - The Beauty Of Sri Lanka - Sri Lanka In Focus-2023

මෙවර තවත් විශේෂත්වයක් වන්නේ, ශ්‍රී ලංකාවේ අභිමානවත් 75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව මෙම ප්‍රදර්ශනය සංවිධානය වීමයි. එමෙන් ම “ලෝක මිහිතල දිනය” සැමරෙන දින මෙම ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සංවිධායන කළ ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය තීරණය කරන්නේ මිහිතලයේ සුන්දරම දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබමින් ය.

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන - The Beauty Of Sri Lanka - Sri Lanka In Focus-2023

මෙම ප්‍රදර්ශනයට සමගාමීව තවත් වැඩසටහනක් කීපයක් මෙහිදී සංවිධායනය කර ඇති බව සංගමයේ සභාපති සූරිය ජයලත් මහතා පවසයි. මිහිකත දින සැමරුම, තල්මසුන් ඡායාරූපගත කිරීමේ වැඩසටහන, යුෂුමිටි (Yosemite) ජාතික උද්‍යානයේ සංචාරය සහ වැඩමුළුව, දැනුම වැඩෙන අධ්‍යාපනික වැඩසටහන, ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සාකච්ඡාවට ගැනෙන සජීවී සංවාදය, සම්මානය පාත්‍ර වූ වනජීවී වාර්තා චිත්‍රපටයක් වන ”The Great Elephant” ප්‍රදර්ශනයට සමගාමීව තිරගත කිරීම, ප්‍රවර්ධන කඳවුර, කුරුළු ඡායාරූප වැඩමුළුව සහ අවසානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙයි.

උත්සව අවස්ථාවේදී ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ සභාපති ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී සූරිය පෙරේරා මහතා විසින් රචිත The Kingdom of Ruhuna සහ Yala National Park in Sri Lanka යන කෘති ද්විත්වය දොරට වැඩීම ද සිදු කෙරේ.

ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභපති සූරිය පෙරේරා මෙම කාර්ය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබාදෙයි. මෙම ඡායාරූප ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලාංකීය විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන් රැසකට තම හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වී තිබෙන බව කීය. ඔවුන් සියලු දෙනාටම ඇමෙරිකාවට පැමිණ ඒ සඳහා දායකත්වයක් ලබාදීමට අවස්ථව සළසා දීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ සියලු පාර්ශ්වයන්ට තම ස්තුතිය පුදකරන බවද සූරිය පෙරේරා මහතා සඳහන් කරයි.

“වසර 2500 කට වඩා ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව පෞඪ ඉතිහාසයක් මෙන්ම සුවිශේෂී ස්වභාව සෞන්දර්යය වටිනාකම් සහිත දිවයිනකි. එකී දිවයිනේ සුන්දරත්වය මෙවර ප්‍රදර්ශනයෙන් ලොවට ප්‍රදර්ශනය කරනු ලබයි. දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කරමින්, ලාංකික ස්වභාව සෞන්දර්ය ලොවට ගෙන යෑමේ අරමුණින් සංවිධානය කර තිබෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය ඇමෙරිකාවේ වෙසෙන එරට වැසියන්ගේ මෙන්ම එරට සිටින ශ්‍රී ලාංකික වැසියන්ගේ ප්‍රසාදයට පත්වීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. මන්ද යත්, මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා සම්බන්ධවන ඡයාරූප ශිල්පීන් එම ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් වන බැවිනි. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් 10 දෙනෙක් ඇමෙරිකාව බලා පිටත්ව එනවා. පසුගිය වර මෙන්ම මෙවර පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය සඳහාත් දෙස් විදෙස් සම්මානවලින් ඇගයීමට පාත්‍ර වූ ඡායාරූප කලාවේදීන් සහභාගි වෙනවා. ඇමෙරිකවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආර්ට් ගැලරියේ දී පැවැත්වෙන මෙම සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් රැසක් මෙසේ එකවර සහභාගි වන්නේ දෙවන වරට. මෙවර ප්‍රදර්ශනය සඳහා චිත්‍රාල් ජයතිලක, ලක්ෂිත කරුණාරත්න, හිරන්ති ද සිල්වා, කේ. ජී. කීර්තිරත්න, සී. ටී. ශාන්ත උදය කුමාර යන ඡායාරූප කලාවේදීන් සහභාගී වෙනවා. එමෙන්ම ඇමෙරිකාවේ වෙසෙන ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් වන සංජය වර්ණසූරිය, ඇන්ඩි සමරසේන, ශාන්ත වීරසිංහ යන අයත් මීට සහභාගි වෙනවා.” සූරිය පෙරේරා පවසයි.

ඇපේ කම ඇස් මානයට….

මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත, ස්වාභාවික සෞන්දර්යය, නාගරික සංවර්ධනය, සංස්කෘතික වටිනාකම්, කලාව ආදී සංචාරක ආකර්ෂණය ඇතිකරවන කෘති රැසක් ප්‍රදර්ශනයට එක්කර ඇත. එහි ප්‍රදර්ශනය කෙරෙන ඇතැම් කෘති මේ වනවිටත් අන්තර්ජාතික වශයෙන් සුවිශේෂී සම්මානයන්ට පාත්‍ර වූ නිර්මාණයි.

ශ්‍රී ලංකා ප්‍රතිරූපය නැංවීම…

ශ්‍රී ලංකාව පිළිබඳව ඇතැම් වැරදි ප්‍රචාර, වැරදි ප්‍රතිරූප ගොඩනැඟෙන අවධියක ශ්‍රී ලංකාවේ කීර්තිය ලොවට කියාපෑමට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් කීපදෙනකු මේ සඳහා දරන්නා වූ කැපවීම මෙහිදී අගය කළ යුතු වෙයි. එවන් අගය කිරීමකට ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලය අතහිත ලබාදී තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ ආශිර්වාදය හිමිව තිබේ.

ඇමෙරිකාවේ සිටින අපේම ජනතාවට අපගේ මව් රටේ සුන්දරත්වය දැකබල ගැනීමට ද, නැවත ආවර්ජනය කරගැනීමට ද මෙය කදිම අවස්ථාවක් වී තිබේ. එමෙන්ම එරට සිටින දරු පරම්පරාවට ශ්‍රී ලංකාවේ අසිරිය දැක බලාගැනීමට මෙමගින් අවස්ථාවක් උදා වී තිබේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment