වයඹ කායවර්ධන ශූරයෝ

226

වයඹ පළාත් පිරිමි හා කාන්තා විවෘත කායවර්ධන හා ශාරීරික තරගාවලිය මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයේදී පැවැත්විණි. මෙම තරගාවලිය සඳහා වයඹ පළාතේ ක්‍රීඩා සමාජ හා කායවර්ධන පුහුණු මධ්‍යස්ථාන නියෝජනය කරමින් තරගකරුවෝ සියයකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ.

මෙහිදී වයස අවුරුදු 40 න් ඉහළ දිවයිනටම විවෘත කායවර්ධන තරගයක් ද සංවිධානය කර තිබුණු අතර එම තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ උරේෂ් කරුණාතිලක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. වයඹ පළාත් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා නාවුක හමුදා ක්‍රීඩා සමාජයේ මල්ෂ බණ්ඩාරය.

පිරිමි විවෘත ශාරීරික තරගයෙන් එන්. යූ. එස්. මුෂෙස් අල්ජීන් සහ කාන්තා තරගයෙන් ආධිත්‍යා වර්ණසූරිය ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය පැවැත්වුණු අතර ජයග්‍රහණය කළ සෑම ක්‍රීඩික ක්‍රීඩිකාවක් සඳහා වටිනා සහතිකයක් හා මුදල් තෑගි පිරිනැමීමට කටයුතු කර තිබුණි. මාරවිල එම්. ඒ. එම්. කායවර්ධන මධ්‍යස්ථානය මෙම තරගාවලිය සංවිධානය කළේය.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment