ජනපති ඉල්ලා අස්නොවන බව ජොන්ස්ටන් පවසයි

398


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්නොවන බව ආණ්ඩුපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ජනාධිපතිවරයා පත්වූවේ ලක්ෂ 69ක චන්දයෙන් බවත් දහපහලොස් දහසක් පාරට විත් උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා ඉවත්විය යුතු නැතැයිද ඒ මහතා කීවේය.රට තුළ පවතින උද්ඝෝෂණ හමුවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයැයි සමගි ජන බලවේගය මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලෙස මේ බැව් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment