ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඞ් රෂීඞ් අල් මක්ටුම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර හමුවක් පෙරේදා පස්වරුවේ ඩුබායි හි එක්ස්පෝ 2020 ප‍්‍රදර්ශන භූමියේදී සිදුවිය.
මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙපළ සඳහන් කළහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වැනි ජාතික දින සැමරුම වෙනුවෙන් සුබ පැතීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගනු ලැබීය.
ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා යන මහත්වරු ජනාධිපතිවරයා සමඟ මේ අවස්ථාවන්ට එක්වූහ.
|