පාසල් 100කට ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම්

79


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පාසල් 100ක
පිහිට වූ ප්‍රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක් බව කොළඹ කොටස්
හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරණායක මහතා පවසයි.

මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම ප්‍රවර්ධනයට සුදුසුම පිරිස වන්නේ
සිසු පරපුර බවත් පාසල් තුළින් එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ජනාධිපතිවරයා
ගත් තීරණය ඉතා කාලෝචිත බවත් ඒ මහතා සඳහන් කරයි.
‘ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම් මගින් සිසුන් වෙත කොටස් වෙළෙඳපොළ වඩා
විධිමත් ලෙස හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනෙහි පළමු
අදියරේ දී උසස් පෙළ ප්‍රතිඵල අනුව වාණිජ අංශයේ විශිෂ්ඨතම ප්‍රතිඵල පෙන්වූ
පාසල් 100ක් තෝරා ගෙන ඒවායේ ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම් 100ක් පිහිටුවීම
සිදු කෙරෙනවා. මෙමගින් සිසුන්ට ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ පුළුල්
අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. සිසුන්ට දැනුම මෙන්ම ප්‍රායෝගික
අධ්‍යයනයක් ලබා ගැනීමටත් මෙමඟින් අවස්ථාව හිමි වෙනවා යැයි ද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment