ජනමත විචාරණ කතා දමා ජනපතිවරණයට ඇති ජනතා පෙළගැස්ම ආපසු හරවන්න බැහැ- එජාප මහ ලේකම් මෙය කිව්වේ ජනපතිගේ අනුදැනුම හා උපදෙස් මතද? – විජිත හේරත් (ජාජබ)

50

එජාපයේ මුල්පෙළේ පරාජිතයෝ ජනපති උපදේශක තනතුරු අරගෙන සියලු වරප්‍රසාද භුක්ති විඳිනවා

ජනමත විචාරණ කතා දමා ජනාධිපතිවරණය සඳහා ජනතාවගේ පෙළගැස්ම ආපසු හරවන්න බැහැ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා පැවසීය.

පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, රංගේ බණ්ඩාර 28 දා කරන ලද හදිසි ප්‍රකාශය පිළිබඳව අපේ ස්ථාවරය ජනතාව හමුවේ තැබීමට මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. 2024 නොවැම්බර් 17 දිනයෙන් එම වසර පහක කාලය අවසන් වෙනවා. ඒ අනුව ව්‍යාවස්ථාවෙම සඳහන් වෙන්නේ ඊට මසකට පෙරාතුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි කියලා. දැනටමත් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබෙනවා ලබන සැප්තැම්බර් මස 17වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර ජනාධිපතිවරණය පවත්වනවා කියලා. මීට පෙර 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වුණා. ව්‍යවස්ථානුකූලව ඔහුගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ අතරමඟදී ධුරය අත්හැර ගිය නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට තමයි, පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාව තෝරා පත්කර ගත්තේ.

රංගේ බණ්ඩාර හදිසියේ මේ යෝජනාව ගෙනාවේ කොහොමද? මේක රංගේ බණ්ඩාර තනිවම සිතා ගෙන ආ යෝජනාවක් කියා අපි හිතන්නේ නැහැ. මෙය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම, අවබෝධය හා උපදෙස් මත තමයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ. මේකේ තීන්දුව ගන්න කෙනා රනිල් වික්‍රමසිංහ. ඔහු දන්නවා ඉතා පැහැදිලිව දැන් ඔහුට ජනවරමක් නැහැ. ඉතිහාසයෙත් ඔහුට ජනවරමක් තිබුණේ නැහැ. ඔහුට ඡන්දයෙන් පත්වෙන්න පුළුවන්කමක් කවදාකවත් ලැබුණේ නැහැ. ඔහු හැමදාම පරාජිත අපේක්ෂකයා බවට පත්වුණා. ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ කියන එක ඉතා පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙන එකක් තමයි 2024 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන් පරාදයි කියන එක.

මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක්. මේ සමාජයේ මත දැක්වීම කොහොමද කියා බැලීමක්. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු රනිල් වික්‍රමසිංහ, ඉදිරි ජනාධිපතිවරණයේදිත් පරාජය වෙන බව දැනගත් නිසාම තමයි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ. ජනමත විචාරණයක් පවත්වන්න ඕනි කියන එක දැන දැනම කරපු ප්‍රකාශයක්. රටේ ජනතාවත් විදේශයන්හි සිටින අපේ ජනතාවත් පෙළගැසී ඉන්නවා, ජන මතයක් නැති රනිල් වික්‍රමසිංහ ගෙදර යවලා නව ජනාධිපතිවරයෙක්, නව ආණ්ඩුවක්, නව ප්‍රතිපත්තියක් ක්‍රියාවට නඟන්න.

එක්සත් ජාතික පක්ෂයේ කවුද මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ස්ථිර කරන්නේ. පොදු ජන පෙරමුණ කියනවා මේක කියන මිනිහාත් මෝඩයෙක් කියලා. රංගේ බණ්ඩාර මෝඩයෙක් කියන එක කාරියවසම් කියනවා. ඒ ගොල්ලන් විරුද්ධ බව පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයත් විරුද්ධ බව කියා තිබෙනවා. සමගි ජන බලවේගයත් විරුද්ධ බව කියනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නෙත් එක මන්ත්‍රීවරයායි. ගාල්ලෙ මන්ත්‍රීවරයා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවම ස්ථිර කරන්නවත් පුද්ගලයෙක් නැහැ.

මේ හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහටයි. රංගේ බණ්ඩාරට මීට කලිනුත් රනිල් වික්‍රමසිංහ කියා තිබුණා මේ යෝජනාව ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවටත් ටොපියක් දාලා බලනවා. පාර්ලිමේන්තු කාලය අවුරුදු දෙකකට දික්කර ගත්තොත් මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් එක ගන්න පුළුවන්.

රංගේ බණ්ඩාරලා හිතනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අල්ලස් දීලා ඒගොල්ලන්ගේ අත උස්සගෙන ජනාධිපති පුටුවේ තව අවරුදු දෙකක් ඉනන පුළුවන් කියලා. පරාද වුණු රංගේ බණ්ඩාරලා, රුවන් විජේවර්ධනලා, අකිල විරාජ්ලා, එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ සාමාජිකයෝ පරාජිත අපේක්ෂකයෝ. ඒ අය ජනාධිපති උපදේශක තනතුරු අරගෙන, වාහන, දීමනා අරගෙන වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒ වරප්‍රසාද නැතිවෙනවා කියා බයවෙලා කලබල වෙලා ඉන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment