වෛද්‍ය උපකරණ නිපදවන මෙරට ප‍්‍රථම කර්මාන්ත ශාලාවෙන් ඩොලර් මිලියන 15 ක ආයෝජනයක් හා රැකියා අවස්ථා 600 ක් ජනතාවට – මුදල් ඇමැති

572

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව බණ්ඩාරගමදී ආරම්භ කිරීමට හැකිවීම අපේ රට මේ අවස්ථාවේ මුහුණ පා ඇති ප‍්‍රශ්න රාශියක මූලික ප‍්‍රශ්න කිහිපයක් විසදීමට උදව් වෙනවා. ඒ පිළිබදව මේ කටයුත්තට සම්බන්ධ වුණ සෑම ආයතනයකටම සහ පහසුකම් සැපයූ ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාව මෙන්ම කළුතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන සියලූම මහජන නියෝජිතයන්ටත් මා ස්තුතිවන්ත වෙනවා.

මුදල් ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් රාජධානියේ පැලැක්සි කෙයාර් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන පැලැක්සි ලංකා වෛද්‍ය උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානය බණ්ඩාරගම දී විවෘත කරමිනි.

වෛද්‍ය උපකරණ නිපදවන මෙරට ප‍්‍රථම කර්මාන්ත ශාලාවෙන් ඩොලර් මිලියන 15 ක ආයෝජනයක් හා රැකියා අවස්ථා 600 ක් ජනතාවට - මුදල් ඇමැති

වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා,

‘‘ඇමරිකානු ඩොලර් මිලියන 15 කට අධික මෙම ආයෝජනය හරහා රැුකියා අවස්ථා 600 ක් මේ රටේ ජනතාවට හිමිවනවා. විශේෂයෙන්ම අපිට මේ අවස්ථාවේ

ගැටලූවක් වී තිබෙන විදේශ විනිමය ඉපැයීමේ ප‍්‍රධාන ආයතනයක් බවට මෙය පත් වෙනවා. මෙහි නිපදවන වෛද්‍ය උපකරණ සියයට අනූවක් පමණම අපනයනය ස`දහායි නිෂ්පාදනය කරන්නේ. එයින් විශාල විදේශ විනිමයක් අපට උපයා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ගේ රැුකියා ප‍්‍රශ්නයටත් යම් ආකාරයක උදව් වෙනවා. පුහුණු නුපුහුණු ක්ෂේත‍්‍රයේ විශාල පිරිසකට මෙමගින්

රැුකියා ලැබී තිබෙනවා. මේ මාසෙ 25 වැනිදා තොරතුරු තාක්‍ෂණය පිළිබ`දව ලෝකයේ ප‍්‍රධානම ආයතනය මේ රටේ විවෘත කරනවා. එමගින් ලංකාවේ තරුණයන් 2000 කට රැකියා සැපයීමට හැකිවෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පැලැක්සි කෙයාර් සමූහ ව්‍යාපාරයේ සභාපති ගසිම් පූමාන්ඞ් මහතා මෙසේ පැවසීය.

‘‘අප විසින් මෙම ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 15 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කර තිබෙනවා. අප ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදකයා පමණක් නොවෙයි, ආයෝජන මණ්ඩලය සහ රාජ්‍ය ආයතන සමග එක්ව කටයුතු කරමින් සායනික අවශ්‍යතා සදහා නවීන තාක්‍ෂණය ප‍්‍රථමවරට මෙරටට හ`දුන්වාදුන් ආයතනයද වෙනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, වරාය සහ නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සංජීව එදරිමාන්න, ජයන්ත කැටගොඩ, ලලිත් එල්ලාවල, හිටපු සෞඛ්‍ය අමාත්‍ය පා.ම. රාජිත සේනාරත්න සහ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

බණ්ඩාරගම පේ‍්‍රමතිලක – අඟුරුවාතොට – මංගල ප‍්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment