ජනරජය බිහිවී අදට වසර 52යි

53

1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ දේශපාලන නිදහස පරිපූර්ණත්වයට පත් කරමින් අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් අප රට නිදහස් වෙමින් ශ්‍රී ලංකාව ස්වෛරී ජන රජයක් බවට පත්වී අද (22දා)ට අවුරුදු 52ක් පිරෙයි.

1972 මැයි 22 වැනිදා සෛවරී ශ්‍රී ලංකා ජන රජය ප්‍රතිෂ්ඨාපනය විය. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් බලයට පත්වූ රජය ජනතාවට දෙන ලද පොරොන්දුවක් අනුව ශ්‍රී ලංකා ජනරජය බිහි කළ අතර ඒ සඳහා එවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඇමැතිවරයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා විශාල මෙහෙවරක් කළේය.

ඒ අනුව පත් කරන ලද ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් විසින් සම්පාදනය කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත විය.

ජය සක්හඬ සහ සෙත් පිරිත් සජ්ජායනා මැද කොළඹ රාජකීය නව රඟහලේ විශේෂ මණ්ඩපයකදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය දිවුරුම් දුන්නේය.

එවකට අග්‍රාණ්ඩුකාරව සිටි විලියම් ගොපල්ලව මහතා ජනාධිපතිවරයා ලෙස පත්විය.

ඉක්බිතිව 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා පිහිටු වූ රජය මඟින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන ලදී. 1978 සම්මත කළ නව ව්‍යවස්ථාව යටතේ මෙරට විධායක ජනාධිපති වශයෙන් 1978දී ජේ. ආර්. ජයවර්ධන මහතා දිවුරුම් දුන්නේය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment