ජපානයේ ක්‍රිකට් නැංවීමට ශ්‍රී ලංකාවේ සහාය

125

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර ඒ සඳහා එකඟතා ගිවිසුමකට අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම එකඟතාවයට අනුව මෙරට ක්‍රීඩකයන්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයන් ජපානයට යැවීමටත්, එරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙරටට පැමිණ වැඩිදුර පුහුණුවීමේ අවස්ථාවත් හිමිවේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙරට කණ්ඩායම් ජපානයේ පැවැත්වෙන ඔ20 තරගාවලි සඳහා යැවීමට නියමිත බවයි.

එසේම ඛඡඛ කණ්ඩායම් සමග පුහුණුවීමට ජපාන ක්‍රීඩකයන්ට ද අවස්ථාව හිමිවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment