ජූලි වන තෙක්  නොරොච්චෝලෙට  ගල් අඟුරු තිබෙනවා – ගල් අඟුරු බලාගාරයේ සභාපති

122

නොරච්චෝල බලාගාරයේ යන්ත‍්‍ර තුනම කි‍්‍රයාත්මක කර උත්පාදනය කරන මෙගවොට් 900ක විදුලි ප‍්‍රමාණය නිපදවීම ස`දහා ලබන ජූලි මාසය තෙක් ගල්අඟුරු පවතින බව ලංකා ගල් අඟුරු බලාගාරයේ සභාපති ජගත් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (31දා) පැවැසීය.

බලාගාරයේ යන්ත‍්‍ර දෙකක නිපදවන විදුලිය මීට පෙර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබූ බවත්, අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නතර කරතිබූ තෙවැනි යන්ත‍්‍රයද ඊයේ (31දා* සිට ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමත් සමඟ මෙගවොට් 900 ජාතික පද්ධතියට එකතුවන බවද ඔහු කීය. යන්ත‍්‍ර තුනම ස`දහා ලබන ජූලි මාසය වනතෙක් ගල්අඟුරු පවතින බවත්, මේ වසරේ ඉතිරි මාස ස`දහාද ගල්අඟුරු මිලදී ගැනීම ස`දහා ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය මගින් කටයුතු කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment