ශ‍්‍රී ලංකාව සහ ප‍්‍රංශය අතර සෘජු ගුවන් සේවා ඇරැඹෙයි

257

වසර 06 කට පසු ශ‍්‍රී ලංකාව හා ප‍්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඊයේ (31 දා) ආරම්භ කෙරිණි.

ඒ අනුව ඊයේ අලූයම 01 ට යූ. එල්. 563 දරණ ශ‍්‍රී ලංකන් ගුවන් යානය ප‍්‍රංශයේ පැරිස් නුවර charles De Gaulle ගුවන් තොටුපළට පිටත්ව ගියේය.

සෑම සතියකම බදාදා සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන් තොටුපළේ සිට පැරිස් ගුවන්තොටුපළ දක්වා ගුවන් යානයක් ගමන් කරන අතර එදිනම සවස ප‍්‍රංශයේ සිට ශ‍්‍රී ලංකාව බලා තවත් ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතය.

ශ‍්‍රී ලංකාව හා ප‍්‍රංශය අතර සෘජු ගුවන් ගමන් 1980 දී මුලින්ම ආරම්භ විය. 2015 වසරේදී මෙම සෘජු ගුවන් ගමන් නතර කෙරිණි. සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම සෘජු ගුවන් ගමන් අරම්භ වීම සිදුවිය. මේ ආකාරයෙන් ඉදිරියේදී නව ගමනාන්ත රැසකට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment