ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී චීනය බලා පිටත් වෙති. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින් මහත්මිය පසුගියදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඒ පිළිබඳව අදහස් දැක්වූවාය.
දිගුකලක් තිස්සේ චීනය සහ ජපානය යෝධ පැන්ඩා අභිජනනය, විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික හුවමාරු සහ මහජන අධ්‍යාපනය යනාදී ක්ෂේත්‍රවල බොහෝ ධනාත්මක සහයෝගීතා ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ඇය පැවසුවාය. චීනය සහ ජපානය අතර අත්සන් කළ සහයෝගිතා ගිවිසුමට අනුව, දැනට ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩා ලං බන් සහ ඇගේ පැටවුන් තිදෙනා මෙම වසරේ ජුනි මාසයේදී චීනය බලා පිටත් වනු ඇත. යෝධ පැන්ඩාවන් හොඳින් රැකබලා ගැනීම සම්බන්ධයෙන් චීනය ජපන් හවුල්කරුවන්ට කෘතඥ වන බවත්, යෝධ පැන්ඩාවන් නැරඹීම සඳහා නිතර චීනයට පැමිණෙන ලෙස ජපන් මිතුරන්ට සාදරයෙන් ආරාධනා කරන බවත් මාඕ නින් මහත්මිය පැවසුවාය.