ජාතික ආධුනික බර ඉසිලීමේ ජ්‍යෙෂ්ඨ තරගාවලිය: පිරිමි ශූරතාව ගුවන් හමුදාවට

72

පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ

ක්‍රීඩාගාරයේ දී පවත්වන ලද ජාතික ආධුනික බර ඉසිලීමේ ජ්‍යෙෂ්ඨ තරගාවලියේ පිරිමි ශූරතාව ගුවන් හමුදා කණ්ඩායමට හිමි විය.

එකී අනු ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලයට හිමි වන අතර වාරයේදී තෙවන ස්ථානය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි විය.

මෙම තරගාවලියේ දක්ෂතම බර උසුලන්නා ලෙස කේ. ඩී. ඒ. ඒ. එස්. කරුණාරත්න සම්මාන ලැබීය.

කිලෝ ග්‍රෑම් 61 ට අඩු බර පන්තිය යටතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම පිණිස ප්‍රදර්ශනය කළ දක්ෂතාව පදනම් කර ගනිමින් අදාළ සම්මානය කරුණාරත්නට පිරිනැමිණි.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලන සභාපති අශෝක රංජිත් බණ්ඩාර මහතා අතින් ගුවන් හමුදාවට හිමි ශූරතා කුසලානය ලබා ගන්නා අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment