ජාතික රෝහලේ මෝචරියේ කොවිඞ් මළ සිරුරු 70 ක්

587

කොවිඞ් ආසාදිතව මියගිය පුද්ගලන් 70 කට අධික පිරිසකගේ මළ සිරුරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහල් ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවැසීය.

ඊයේ (9 දා) රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 22 දෙනකු අතරින් 12 දෙනකුටම කොවිඞ් ආසාදනය වී ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

පසුගිය මාස කිහිපය තුළදී කොවිඞ් ආසාදිතව කොළඹ ජාතික රෝහලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් සංඛ්‍යාව මෙන්ම කොවිඞ් ආසාදිතව මියයන සංඛ්‍යාවද ශීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ වන විට කොවිඞ් ප‍්‍රතිකාර වාට්ටුවල මෙන්ම මෘත ශරීරාගාර තුළද ඉඩකඩ සම්බන්ධයෙන් ගැටලූ පැනනැඟී ඇති බව හෙතෙම සඳහන් කළේය.

නිරෝෂා වාසලා, ඇන්ටන් ප‍්‍රනාන්දු


advertistmentadvertistment