ජීවිතය ජයගන්න මේ විදියට මැණික් පළඳින්න…

65

ග්‍රහ අපල සහ ලෙඩ රෝගවලට මැණික් පළදිනවාද…

මැණික් පැළඳිමෙන් වාසනාව ගෙන එන අතරම රෝග ද සුව අතට හරවා ගැනීමට පුලුවන. ලෝකයේ මැණික් වලට ඉහළ ඉල්ලුමක් ලැබුණේ ඈත අතීතයේ සිටම පෙරදිග උගතුන් අතර මැණික් පිළිබඳව තිබුණ විශ්වාසයි. හුදෙක් මේවා මිත්ත්‍යා විශ්වාස ලෙස සැලකුවද, අද වන විට විද්‍යාත්මකව හා දාර්ශනික වශයෙන් පහදා දිය හැකිය.

අනුමාන වශයෙන් මැණික් ගලකින් විහිදෙන කිරන වලින් යම් කිසි ගුප්තමය ශක්තියක් ක්‍රියා කිරීමෙන් මිනිස් සිරුරේ පටකවල සහ මොලයේ සෛලවල ක්‍රියාකාරිත්වය සැලකිය යුතු තරම් යම්කිසි වර්ධනයක් ශරීරය තුළ සිදුවන බව පර්යේෂණ වලින් මනාලෙස ඔප්පු වී ඇත.

උපන් මාසයන් අනුව මැණික් වර්ග තෝරා ගැනීම සහ උපන් මාසයට අදාළ මැණික් වලින් ලැබෙන ඵල

  1. ජනවාරි රබාන – ධෛර්ය
  2. පෙබරවාරි අබතෙස්ත – අවංකත්වය
  3. මාර්තු ඇක්වමැරින්/පසිංහල් – නිර්භීතකම
  4. අප්‍රේල් දියමන්ති/ සුදුනිල් – අහිංසකත්වය
  5. මැයි බරකත/පේඩි – ප්‍රේමාන්විත බව
  6. ජූනි මුතු වෛරෝඩි – දීර්ඝායුෂ විදීම
  7. ඡූලි රතු ගල – ආත්ම තෘප්තිය
  8. අගෝස්තු ඡාගුත්තෝර/පෙරිවොට් – එකමුතුකම
  9. සැප්තැම්බර් නිල් ගලක් – සිහිබුද්ධිය
  10. ඔක්තෝම්බර් මූනිස්ටොන්/ඔපල් – බලාපොරොත්තුව
  11. නොවැම්බර් පඩියන් – සත්‍යවාදී බව
  12. දෙසැම්බර් ජා ගුන්/ ආර්නුල් – සස්ශ්‍රීකත්වය

ග්‍රහයන් මහ දශා කාල පැළඳිය යුතු මැණික

  1. සෙනසුරු අවුරුදු 9 ට කාකනිල් ගලක්
  2. රාහුට අවුරුදු 18 ට ගෝමේද ගලක්
  3. කේතුට අවුරුදු 7 ට වෛරෝඩි ගලක්
  4. අගහරු අවුරුදු 7 ට රතු කොරල් ගලක්
  5. රවීට අවුරුදු 6 ට රතු ගලක්
  6. සදුට අවුරුදු 10 ට රතු කොරල් ගලක්
  7. සිකුරුට අවුරුදු 20 ට දියමන්ති/සුදු නිලක්
  8. බ්‍රහස්පති අවුරුදු 16 ට පුෂ්පරාග ගලක්
  9. බුධට අවුරුදු 17 ට එවරල් ගලක්

ලෙඩ රෝග වලට යොදා ගන්නා මැණික් ප්‍රතිකාර සහ මැණික් වලින් ගෙනෙන සුබාසුබ

  1. වෛරෝඩි (Cats Eye) – වාතරෝග අසමතුලිතාව පිළිකා රෝග ගර්භාෂරෝග චර්ම රෝග ගලගණ්ඩය
  2. නිල්කැට නැතිනම් අබතේස්ත (Blue sapphir methyst) – පක්ෂගාත හෘදයාබාධ, සන්ධි රෝග,සිරස් රෝග උමතු බව
  3. පුෂ්පරාග නැතිනම් පඩියන් (yellow Sappire)- පක්ෂ ගාත හෘදයාබාධ, සන්ධි රෝග,සිරස් රෝග උමතු බව
  4. රතු කොරල් :(red Coral) – අතීසාරය, අධිරුධිර පීඩනය, චර්ම රෝග, පැපොල, දැවිලි, ඉදිමුම
  5. මුතු (Pearl) – අධිරුධිර පීඩනය, මළ බද්ධය, මානසික රෝග, ශීර්ෂරෝග, ගර්භාෂ රෝග.
  6. රතු කැට leg(Ruby) – රක්ත හීනතාවය, උදර ආශ්‍රිත රෝග, සන්ධි රෝග

ලංකාවේත් ලෝකයේත් මැණික් වල පැළඳීම ගැන උනන්දුවක් දක්වන්නේ තියෙන වටිනාකම වගේම යම් කිසි ගුණාත්මක භාවයක් මැණික් පැලඳීමෙන් සිදුවෙන බව දන්නා නිසයි.

තවද මැණික් ප්‍රතිකාරය පරෙස්සමෙන් කළ යුතුය. මන්දයත්, එක් පැත්තකින් යහපත් ප්‍රතිඵල එන විට තව පැත්තකින් අයහපත් ප්‍රතිඵල ඇති විය හැකියි. එබැවින් පළපුරුදු ජ්‍යොතිෂ්‍යවේදියකු ළවා ජන්ම පත්‍රය පරීක්‍ෂාකර මැණික් පැළඳවිය යුතුය.

ජීවිතය ජයගන්න මේ විදියට මැණික් පළඳින්න…

කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර
දේශකීර්ති දේශශක්ති, ජ්‍යොතිෂ විද්‍යා විශාරද
ආර්. එම්. කරුණාරත්න
077 843 3319 / 071 980 3146

advertistmentadvertistment
advertistmentadvertistment