ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම ලොව පුරා රටවල් කම්පනයට පත් කරමින් සිටින මොහොතක ආසියානු කොටස් වෙළෙඳපොළවල් ද කඩා වැටීම ඇරඹී තිබේ.
ඊයේ (අප්‍රේල් 7) කොටස් වෙළෙඳපොළවල් විවෘත කිරීමත් සමග ෂැංහයි සිට ටෝකියෝ දක්වා සහ සිඩ්නි සිට හොංකොං දක්වා ප්‍රධාන දර්ශක පහත වැටිණි. “ඒක තියුණු කඩාවැටීමක්” යැයි එක් විශ්ලේෂකයකු බීබීසී වෙත සඳහන් කර තිබිණි.
ගෝලීය වෙළෙඳ යුද්ධයක් හේතුවෙන් ලෝකයේ විශාලතම ආර්ථිකය එනම්, ඇමෙරිකාවේ ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයක් හෝ අවපාතයක් ඇති විය හැකියි යන්න කෙරෙහි ද ඔවුහු කණස්සල්ලට පත්ව සිටිති.
“ඇමෙරිකානු තීරු බදු වැඩිවීමේ බර දරන්න සිද්ධ වෙලා තියෙන්නේ ආසියාවට. සාකච්ඡා සඳහා යම් ඉඩක් තියෙන්න පුළුවන් වුණත්, ඉහළ තීරු බදු තව ටික කාලයක් තියෙන්න පුළුවන්” යැයි වැන්ගාඩ් ආයෝජන සමාගමේ ආසියා පැසිෆික් ප්‍රධාන ආර්ථික විද්‍යාඥ චියෑන් වැන්ග් පැවසුවේය.
චතුර පමුණුව