ට්‍රම්ප්ගේ වාසියට නඩුවක් කල් දමයි

340

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධකයක් විය හැකි බවට සැළකුණු බලයේ සිටියදී ලිපි ලේඛන අයථා ලෙස භාවිත කිරීමට අදාළ නඩු විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට ෆ්ලොරිඩා ප්‍රාන්ත දිස්ත්‍රික් උසාවි විනිසුරුවරිය විසින් පියවර ගෙන තිබේ.

මේ අනුව ෆ්ලොරිඩා දිස්ත්‍රික් උසාවි විනිසුරු ඇලීන් කැනන් විසින් මෙම මස 20 වැනිදාට යෙදී තිබු අදාළ නඩු විභාහය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. හිටපු ජනපති ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය නඩුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටළුවලට විසදුම් සොයා ගැනීමට පෙර පැවැත්වීම නොසැළකිලිමත්කමක් ලෙස හදුන්වමින් දිස්ත්‍රික් උසාවි විනිසුරු අයලින් කැනන් විසින් එම නඩුව කල් දමා තිබේ. මේ අනුව කල් දැමු නඩු විභාගය මෙම වසරේ නොවැම්බර් 05 වැනිදා පැවත්වෙන ජනාධිපතිවරණයට පෙර ඇරඹීම අවිනිශ්චිත බව විදෙස් මාධ්‍ය පවසයි.


advertistmentadvertistment