ටෝල්ස්ටෝයි ලාංකීය වේදිකාවට

78

සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ කුරිරු අඳුර නාට්‍යය මාර්තු මස 26 වැනිදා පස්වරු 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ පළමු වරට රංග ගත වේ. කුරිරු අඳුර ලියෝ ටෝල්ස්ටෝයිගේ The Power of Darkness නාට්‍යයේ පරිවර්තනයකි.

ලෝක නාට්‍ය දිනය සමරමින් මාර්තු 27 වැනිදා කුරිරු අඳුර නාට්‍ය පිළිබඳ සම්මන්ත්‍රණයක් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ප්‍රධානයත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ දී පස්වරු තුනට පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වයි. කුරිරු අඳුර නාට්‍යය අසූවේ අපි සංසදයේ ඉදිරිපත් කිරීමකි.

පාලිත සුදසිංහ, චම්පා වීරපුර, බිනාශා කුමාරසිංහ, නිරන්ජන් චන්ද්‍රාදිත්‍ය, රොෂානි මාරියන්, සෙනෙවිරත්න බණ්ඩාර, ජාන්වි සුනේරී කුලසේන, සී. දොඩාවත්ත, අචලා සමරසිංහ, සන්ධ්‍යා රාජපක්ෂ, ප්‍රේම කුමාර දසනායක, සිතුමිණි වින්හාරා, චාරුක සුරවීර යන ශිල්පීහු මෙම නාට්‍යයට රංගනයෙන් දායක වෙති. අධ්‍යක්ෂණ සහාය සහ ගීත රචනා චාරුක සුරවීර ගෙනි. මෙම නාට්‍යයේ රංග වස්ත්‍ර සහ පසුතල නිර්මාණ අජන්තා අලහකෝන් වෙතිනි. මෙහි සියලු ගී තනු සහ සංගීත නිර්මාණ නවරත්න ගමගේ විසින් නිර්මාණය කර තිබේ. මෙහි සිතුවම් නිර්මාණ සුජිත් රත්නායකගේ දායකත්වයෙනි. වේදිකා ආලෝක නිර්මාණ මහාචාර්ය චන්දන අලුත් අලුත්ගේ විසින් සිදුකර ඇත. නිෂ්පාදනය සහාය දමයන්ති අත්තනායක වෙතිනි.

ටෝල්ස්ටෝයි ලාංකීය වේදිකාවට
ටෝල්ස්ටෝයි ලාංකීය වේදිකාවට
advertistmentadvertistment
advertistmentadvertistment