ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා 7කින් යුත් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇය එම චෝදනා 7ටම නිවැරැදිකරු බව ප්‍රකාශ කළ අතර සැකකාරිය පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
මෙලෙස නඩු පවරනු ලැබුවේ අංක 531/27, කන්ටි්‍රබෙල්ට් බංගලාව, අමරාගොඩ පාර, හෝකන්දර උතුර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නටාශා කැකනදුර නමැත්තියටය.
නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව මෙම සැකකාරියට එරෙහිව චෝදනා 07ක් යටතේ නඩු 07ක් අධිකරණය හමුවේ ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය සැකකාරියට චෝදනා කියවා දුන් අතර එහි දී සැකකාරියගෙන් වැරදිකරු ද නිවැරැදිකරු ද යැයි කියා විමසන ලදි.
එහි දී සැකකාරිය නිවැරැදිකරු බවට ප්‍රකාශ කළ බැවින් මහෙස්ත්‍රාත්වරයා එකී චෝදනා 07 සම්බන්ධයෙන් පෙර ඇප මත සැකකාරිය මුදා හැරීමට නියෝග කළේ ය.
වර්ෂ 2016ක් වූ ජූලි මස 14 වැනි දින හා වර්ෂ 2017ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලයේ දී ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නැතිව රැඳී සිටීම සැකකාරියට එරෙහි පළමු චෝදනාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
වර්ෂ 2017ක් වූ ජූලි මස 07 වැනි දින සහ වර්ෂ 2018ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලයේ දී ද වර්ෂ 2018ක් වූ ජූලි මස 17 වැනි දින සහ වර්ෂ 2019ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලයේ දී ද වර්ෂ 2019ක් වූ ජූලි මස 17 වැනි දින හා වර්ෂ 2020ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලයේ දී ද 2020 ජූලි මස 17 වැනි දින සිට සහ වර්ෂ 2020ක් වූ නොවැම්බර් මස පළමුවැනි දින අතර කාලයේ දී ද වලංගු වීසා බලපත්‍රයක් නැතිව මෙරට රැඳී සිටීම යන චෝදනා යටතේ නඩු 06ක් ලෙස චෝදනා නඟා ඇත.
සැකකාරියට එරෙහිව නඟා ඇති හත් වැනි චෝදනාව වන්නේ වර්ෂ 2014ක් වූ ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අංක එන් 5091386 දරන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේ දී ආගමන විගමන පාලකවරයාට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කර ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර ඇති බවටය.
බි්‍රතාන්‍ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් මැයි මස 8 වැනිදා ඇය මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කර තිබුණි.
එම නියෝගයෙන් අනතුරුව ඩයනා ගමගේ මහත්මිය නීතිඥවරයකු මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක