සිංහල සිනමාවේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් උණානම් ඒ දර්ශන්ට විතරයි – නිරංජනී

420

‘නිරා’ අපිට ආදරේ සිංහල මිනිස්සු  විතරයි
‘ප්‍රාණ බලලා හරි ඇස් පියා ගත්ත නම්…..’

– දර්ශන් ගැන නිරංජනී කියන සංවේදී කතාව

දර්ශන් මීට දශක කිහිපයකට ඉහත දී ඈත හද්දා පිටිසර රක්වානේ සිට කොළොම්තොටට පය තබන්නේ දහසකුත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සඵල කරගන්න ඔහු මොන තරම් නම් දුක්විඳින්න ඇති ද? හරි පුදුමයි. මේකට මොකක් කියන්නද කියලා අපිට තේරෙන්නෙත් නැහැ.

තමන්ගේ හීනය සැබෑ කර ගන්න අන්තිමේ මේ ගෙන්දගම් පොළොවේ දර්ශන්ට මුට්ට කර ගැසීමට පවා සිදුවිය. නමුත් ඔහුගේ හීනය අත් නොහළේය. අන්තිමේ බලාපොරොත්තු ටික ටික හැබෑ වෙලා ජීවිතයේ මල්ඵල ගැන්වෙන කොටම කාටවත් නොකියාම ඔහු යන්නම යනවා. ඒ ඔහු ජීවිතය පටන් ගත්තු රක්වානට ම. අපි කොහොම කිව්වත් අපේ ජීවිත එහෙමත් නැති නම් දෛවය අප වෙනත් මාවත්වලට රැගෙන යනවා, ඒක තමයි ඇත්ත. සැබෑවට ම දර්ශන්ගේ ජීවිතයත් ප්‍රබන්ධයකම වඩා විශ්මිතයි.

සිංහල සිනමාවේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් උණානම් ඒ දර්ශන්ට විතරයි - නිරංජනී

මිනිස් ජීවිතවල සියුම් අහුමුලු පවා යථාර්ථවාදීව නිරූපණය කළ දර්ශන් ධර්මරාජ් රංගනය රංගනයක් කර නොගත් කලාකරුවෙක් ලෙස හැඳින්විය හැකිය. දර්ශන්ගේ වියෝව මේ වෙලාවේ අපේ රටේ ජනතාවට තදින්ම දැනෙන්නකි. ඒ වෙන හේතුවක් නිසා නොවේ, පිටකොටුවේ මුට්ට කරගසා සිංහල සිනමාවේ පට්ට නළුවකු වූ දමිළ තරුවක් වීම නිසාය. දර්ශන්ගේ වියෝව අපේ රටේ කලාකරුවන්ට ද තදින්ම දැනෙන්නකි. මොකද ඔහුගේ රංග ප්‍රතිභාව ඒ තරමට ම තීව්‍ර වීම හේතුවෙනි. ලිංගනාදන් ධර්මරාජ් නොහොත් දර්ශන් ධර්මරාජ්ගේ වියෝව අප හැමෝටම වඩා ඇයට තදින්ම දැනෙන්ට විය. ඒ අන් හේතුවක් නිසා නොවේ, සිනමාවේ සගයා වගේම මිතුරා ද වූ අතර රිදී තිරයේ සැමියා වීම හේතුවෙන්. රිදී තිරයේ සැමියා බිරිඳ දමා ගොසිනි. අද ඉතිරිව ඇත්තේ බිරිඳ පමණි.

මේ දිනවල තිරගත වන සංජය නිර්මාල්ගේ ‘ප්‍රාණ’ චිත්‍රපටයේ දර්ශන් රඟපෑ සංකිලි රජුගේ චරිතයට සමගාමීව ඔහුගේ ලේලිය වන්නේ ද ඇයයි. ඇත්තට ම නිරංජනී ෂන්මුගරාජාට මේ වියෝව දැනෙන්නේ කෙසේද? අප ඇය සමග කතාබහ කරනකොටත් ඇගේ ඇස්වලින් කඳුළු බිඳු රූරා වැටේ. කතා කරනවාට වඩා ඇය කරන්නේ හැඬීමය. ඒ තරමට ඇයට මේ අකල් වියෝව දරාගැනීමට නොහැකිය.

සිංහල සිනමාවේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් උණානම් ඒ දර්ශන්ට විතරයි - නිරංජනී
සිංහල සිනමාවේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් උණානම් ඒ දර්ශන්ට විතරයි - නිරංජනී

ඇත්තට ම නිරංජනීට දර්ශන්ව මුණගැසුණු ඒ අතීතයෙන්ම මේ කතාව ඇය අපට කීවේ හැඬූ කඳුළින්මය.

“ඇත්තටම දර්ශන්ව මම මුලින්ම නළුවෙක් විදිහට දකින්නේ මගේ පළමු චිත්‍රපටය වන අශෝක හඳගමගේ ගේ ඉනිඅවන් කියන චිත්‍රපටයෙන්. 2011 වසරේ තමයි මට ඔහුව මුලින්ම මුණගැසෙන්නේ. ඉතින් එදා පටන් අද වෙනකම් ඔහුගෙයි මගෙයි සිනමා ගමන කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ක්‍ෂේත්‍රයේ වෙන්න පුළුවන් වගේම සිනමා රසිකයන් අතරත් අපි දෙන්නට සුවිශේෂි තැනක් අපි දෙන්නා විසින්ම හදා ගත්තා. දර්ශන් නිසා මම හැදුණා. මට තියෙන ලොකුව දුක එයාත් එක්ක රඟපෑ අන්තිම චිත්‍රපටය පසුගිය 06 වැනිදා රිලීස් වුණා. ඒක බලන්නත් නෑ. එයා ඇත්තට ම මාව ක්‍ෂේත්‍රයේ තනි කරලා ගියා.

සිංහල සිනමාවේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් උණානම් ඒ දර්ශන්ට විතරයි - නිරංජනී

(යළිත් වරක් ඈ ඉකිගසා හඬා වැටෙයි. අපි බාධා නොකළේ මේ වේදනාව අපට ද දරා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.)

ඇත්තටම එයා මාව තනි කරලා ගියා. අපි දෙන්නා වැඩියෙන්ම චිත්‍රපට රඟපාලා තියෙනවා. බිරිඳ සහ සැමියා විදිහටත් අපි දෙන්නා තිරයේ රඟපාලා තියෙනවා. අපි දෙන්නා වැඩියෙන්ම දෙමළ චරිත එකට කරලා තියෙන්නේ. එයා ඇවිල්ලා මගේ වාසනාවන්තම නළුවා කියලා තමයි කියන්න ඕනෑ.

මගේ පළමු චිත්‍රපටයේ ඔහුත් එක්ක ගමන ආරම්භ කළා විතරයි. ලංකාවේ හොඳම නිළිය සම්මානය මට හිමිවුණා. මම හැම තිස්සේම හිතන්නේ මේ නළුවාගේ වාසනාව තමයි මට මේ කැරකෙන්නේ කියලා.

සුනාමි චිත්‍රපටයට මම තුන් වතාවක් අන්තර් ජාතික සම්මාන උළෙලවල ලෝකයේ හොඳම නිළිය සම්මානය ගන්නෙත් මේ  මනුස්සයාගේ සහයෝගය නිසා කියලයි මම අදටත් විශ්වාස කරන්නේ.

නැති වෙන්න දවස් දෙකකම කලින් මට හරියටම කතා කළා. කතා කරලා එයා කිව්වා ‘ප්‍රාණ’ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලා. දර්ශන් සංකිලි රජු සංජය නිර්මාල් මාව රජෙක් කළා. නිරා කියලා කිව්වා මාව වෙන චරිතවලට අධ්‍යක්ෂවරු අඩගහයි කියලත් කිව්වා. දමිළ සමාජයන් මෙයා කරන චරිත එක්ක මෙයා ගැන පොඩි වෛරයක් තිබුණානේ. මෙයා ඇවිල්ලා එල්. ටී. ටී. ඊ. චරිත කරන්නේ කියලා. එහෙම පුංචි දෙයක් ඇත්තටම තිබුණ. සංකිලි රජ්ජුැවෝ කියන්නේ යාපනේ රජ්ජුරුවෝනේ. එතකොට මේ චිත්‍රපටය දමිළ ජනතාව බලනවානේ. මෙයාගේ විශ්වාසයක් තිබුණ දමිළ ජනතාව අතරට යන්න ඔවුන්ගේ ආදරය ලබන්න ඔවුන්ගේ හීරෝ වෙන්නත් මේ චරිතය වගේම ‘ප්‍රාණ’ චිත්‍රපටය ලොකු දෙයක් වෙයි කියලා. ‘මම රජෙක් නිරා, ‘මම රජෙක් නිරා’ කියලා නිතර කිව්වා. මාව රජෙක් විදිහට බලලා නැහැනේ කවුරුත්. සංජය නිර්මාල් මාව රජෙක් කළා අපි බලන්න ඕනෑ කියලත් කිව්වා.

සිංහල සිනමාවේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් උණානම් ඒ දර්ශන්ට විතරයි - නිරංජනී
සිංහල සිනමාවේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් උණානම් ඒ දර්ශන්ට විතරයි - නිරංජනී

මට තේරෙන්නේ නැහැ මට කෝල් කරලා ඒ දේවල් කිව්වේ ඇයි කියලා. එයාට දැනුන ද දන්නේ නැහැ. එයා මේ සියල්ල දාලා යන්න යනවා කියලා නිරා අපිට ආදරේ කළේ ‘සිංහල මිනිස්සු විතරයි’ අපිට දමිළ මිනිසුන් ගේ ආදරයටත්, ආකර්ෂණයටත් ලබා ගන්න බැරි වුණා. ඒ නිසා හරි අපි දෙන්නා ඉන්දියාවට ගිහිල්ලා තමිල්නාඩුවල ෆිල්ම් එකක් කරමු. දමිළ ජනතාවට පෙන්නමු ලංකාව හදපු දමිළ නළුවකුයි නිළියකුයි මේ ඉන්නේ කියලා එතකොටත් මම කිව්වා පිස්සුද දර්ශන් අපි ලංකාවේ ඉමු. ඔයා ගැන රට ම කතා කරයි කියලා. කාලයට ඉඩ දෙමු කියලත් කීවා. සියල්ල ළඟට ගෙනැල්ලා දෙයි අපි දඟලන්න ඕනෑ නැහැ කියලා. රටම කතා කරයි කියලා කිව්වට මම දන්නේ නැහැනේ. මේ මනුස්සයා මැරිලා රටම කතා කරයි කියලා කියන්න මම දැනගෙන හිටියේ නැහැ දෙයියනේ.

ඇගේ හැඟීම් බර කතාවට අපි පුංචි බාධාවක් කළේ දර්ශන්ගේ ඇඳුම් පැළඳුම් පවා සියල්ල තමන්ට අවැසි විදිහට නිර්මාණය කරන්නෙත් ඇයයි යන තතු සැබෑවක් ද යන්න පසක් කර ගැනීමේ අටියෙනි.

ඇත්තටම අපි දෙන්න රඟපාන චිත්‍රපටයක් රිලීස් වෙන්න යනවා නම් ඒකට කවර් ෂුට් අරවා මේවා තියෙනවානේ. ඉතින් මට තමයි කතා කරලා කියන්නේ ‘නිරා’ ඇඳුම් හදන්න ඕනෑ කියලා.

අපේ බැඳීම සහෝදර බැඳීමක්ද අපි ආදරවන්තයෝ කියලා කියන්නද? සැමියා බිරිඳ කියලා කියන්න ද මට තේරෙන්නේ නෑ දෙවියනේ. ඒ තරම් බැඳීමක් අපි අතරේ තිබුණා. නමුත් ඒ බැඳීමට නමක් නැහැ.

මට ඇඳුම් තෝරලා දීපන්. මට ස්පොන්සර් කෙනෙක් හොයලා දීපන් කියලා කියනවා. මට ලස්සන ඇඳුම් නැහැ. හිටපං දර්ශන් මම ඔක්කොම හොයලා දෙන්නම්. ඔයාව ලස්සනට තමයි මම පෙන්වන්නේ. මේ සැරෙත් මම එයාට ටීෂර්ට් ස්පොන්සර් කෙනෙක් හොයලා තියාගෙන හිටියේ. කවර් ෆොටෝස් ඔක්කොට ම ලෑස්ති කරලා තිබුණේ. අන්තිමට එයාගේ මළමිනියට අඳින ඇඳුමත් මට තෝරන්න වෙයි කියලා මම හිතුවේ නැහැ. මේක ඇන්දොත් තමයි දර්ශන්ට ලස්සන කියලා මම තමයි තේරුවේ. මට හරි වේදනාවයි.

සිංහල සිනමාවේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් උණානම් ඒ දර්ශන්ට විතරයි - නිරංජනී

06 වැනිදා අපි දෙන්න ප්‍රාණ බලන්න ලස්සනට යමු. මම රජා උඹ මගේ ලේලි නේද? අපි දෙන්නට වෙනස්ම හැඩරුවක් දීපු චිත්‍රපටය. ඉතින් දෙවියනේ 06 වැනිදා මම කොහොමද තනියෙන් ගිහිල්ලා ෆිල්ම් එක බලන්නේ.

මට ඇත්තටම දරාගන්න බැහැ. මාත් එක්ක රඟපාපු අන්තිම සීන් එක බලලා හරි මේ මනුස්සයට මැරෙන්න තිබුණා. මේක බලන්න කලින්ම මැරුණා. ඒක තමයි මට තවත් දරාගන්න බැරි දුක. ප්‍රාණ බලලා හරි මේ මනුස්සයා ඇස් පියා ගත්තා නම්, එයා රජෙක් වෙච්ච ඒ මොහොත ශ්‍රී ලාංකීය ජනතාව දර්ශන්ට රජෙක් විදිහට කොහොමද පිළිගන්නේ, ආදරේ කරන්නේ කියන එක ඒ මනුස්සයට අහන්නවත් බලන්නවත් බැරි වුණා.

මේක මම කියන එක හරිද? වැරදිද? කියන්න දන්නේ නැහැ. සුනාමි චිත්‍රපටය වෙනුවෙන් එයා ලංකාවේ සම්මාන උළෙලවල සම්මානයක් බලාපොරොත්තුවෙන් හිටියේ. සුනාමි චිත්‍රපටයේ එයාගේ චරිතය වෙනුවෙන් එයාට මාර විචාරයක් තිබුණා. අපි මේ ක්‍ෂේත්‍රයේ සල්ලි හම්බ කරගෙන නැහැ. අපිට ඉතුරු වුණේ සම්මාන විතරයි. ලංකාවේ සම්මාන උළෙලවල ඒ අවුරුද්දේ හොඳම නළුවා මම. හොඳම නිළිය උඹ තමයි කියලා නිතරම කිව්වා දෙවියනේ. අපි දෙන්න තමයි එකට සම්මාන ගන්නෙ කියලා, මම දන්නේ නැහැ. ඉස්සරහට ලංකාවේ සම්මාන උළෙලවල් තියේවිද කියලා මෙයාට සම්මානයක් තිබුණත් ඒක ගන්න මේ මනුස්සයා නැහැ. ක්‍ෂේත්‍රයෙන් ඔහු සල්ලි හම්බ කළේ නැහැ. මිනිස්සු තමයි හම්බ කළේ. එයාට ඕනේ මිනිස්සුන්ගේ ආදරය සහ විශ්වාසය. අනික එයා කරන හැම චරිතයක් ගැනම එයා විශ්වාසය කරනවා. ඒක වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන නළුවෙක්. ඒ වගේ නළුවෙක් නැති වෙච්ච එක ශ්‍රී ලාංකේය සිනමාවට ලොකු පාඩුවක්. ලොකු හිඩැසක්. මේ හිඩැස ආයේ කවදාවත්ම පුරවන්න බැහැ. ශ්‍රී ලංකාව ඇතුළේ දමිළ නළුවෙක්ට වැජඹෙන්න පුළුවන් නම් ඒක දර්ශන්ට විතරයි.

ඇත්තටම නිරංජනීට චරිතයට කතා කරනකොට දර්ශන්ව ඉදිරියේදීත් මතක් වේවි. ඒ හැඟීම මොන වගේ වේවිද?
මේ මනුස්සයා මාව ෆිල්ඩ් එකේ තනි කළා. මාව තනි කරලා ගියා. එයාට අමතක වුණා. එයා ගියොත් මට රඟපාන්න කවුරුත් නැහැ කියලා මගේ අනෙක් පැත්තෙන් මට සහයෝගය ලබා දෙන්න හිටපු එකම දමිළ නළුවා.

ඇත්තටම මේ මරණය ආරංචි වෙලා මෝචරියට ගිහිල්ලා එයාගේ දේහය බලන වෙලාවේ මට ආපු හැඟිම කියන්න හරි අමාරුයි. ඒ වගේම වචන නැහැ. මට රඟපෑම එපා කියලා හිතුණා. මට ආපහු රඟපාන්න බැහැ වගේ හැඟීමක් ආවා. මෙයා නැතිව මම කොහොමද රඟපාන්නේ කියලත් හිතුණා.

එයාට චරිතයක් ආවහම ඒකේ දෙමළ චරිතයක් අනෙක් පැත්තේ නිළියව ඉස්සෙල්ලම අහන්නේ නෙරංජනී ද රඟපාන්නේ කියලා. මට එහෙම එකක් ආවොත් අනෙක් පැත්තේ දෙමළ චරිතය කරන්නේ දර්ශන් ද කියලා. ඉතින් දැන් මට එහෙම අහන්න දර්ශන් නැහැනේ. මට ඇත්තට ම රඟපෑම කියන එක එපාම කෙරෙව්වා. මට ආයේ ඕනෑ නැහැ කියල හැඟීමක් තමයි තියෙන්නේ. 

මේ මනුස්සයා වෙනුවෙන් අඬන්න මට කඳුළත් මදි දෙවියනේ. හේතුව අධ්‍යක්ෂවරුන් මාව ගයිඩ් කළාට වඩා මාත් එක්ක ස්ක්‍රීන් එකේ එකට ඉන්න මනුස්සයා විදිහට මෙයා මගේ චරිතය වෙනුවෙන් එයා කරපු කැප කිරීම් ඉහළයි. එයාට තේරෙනවා මේ ෆ්‍රේම් එක මම නෙරංජනීට තමයි දෙන්න ඕනෑ කියලා. මේ සීන් එකේ නිරංජනී තමයි සුපිරියට පේන්න ඕනෑ කියලා. එයාගේ රංගනය එයා අඩු කර ගන්නවා. ඒවත් මට දැනිලා තියෙනවා. මම අහනවා ඇයි අයියේ ඒ ඔයාගේ උපරිම නොවෙයි නේද කළේ කියලා. එතකොට කියන්නේ මේ සීන් එක අයිති උඹට. උඹට අයිති සීන් එක මම ගන්න හොඳ නැහැ මම පොඩ්ඩක් මගේ ටැලන්ට් එක අඩු කර ගන්න ඕනෑ කියලා. මම ප්‍රොමිස් කරලා කියනවා අපි දෙන්නා වගේ නළු නිළියෝ ෆිල්ඩ් එකේ නැහැ. ඒක මම ඕනෑම තැනක කියනවා.

ඉතින් මම මේ මනුස්සයා නැති එක වචනවලින් කියන්න බැහැ දෙවියනේ. මට පුළුවන් නම් ඒ මළමිනියට ගහලා හරි නැඟිට්ට වනවා. නැගි’ටපන් කියලා. මෙයා යයි කියලා මම හිතුවේ නැහැ.

ඇඟේ හැඟීම් බර කතාවට අහරවයක් දෙන්න හිතුවේ ඒක ඒ තරමටම දුක්බර කතාවක් හින්දමයි. ඇත්තටම දර්ශන් නිරංජනීට පමණක් නොවේ රටටම හැඬෙව්වා කියා  නිසැකයි . හිතවත් ඉනි අවන්, ඔබ යළිත් ලාංකේය සිනමාවට ම ඉපදේවා.
 

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment