කෝටි 200 ක් වියදම් කරලා හදපු DHOKHA Round D corner

115

”පොඩි ළමයි 13 න් දෙනෙක් මරපු භයානක අපරාධකාරයෙක් ගේකට පැනලා ප්‍රාණ ඇපකාරයෙක්ව අරගෙන. ඒ මිනිහට මානසික ආබාධයක් තියෙනවා කියල වෛද්‍ය වාර්තාවක් මගේ ළඟ තියෙනවා.” ඒ තමයි ඒසීපී මලික්ගෙ කට උත්තරය.

”අනේ සර් ඒ මිනිහා තුවක්කුව තියන් ඉන්නෙ මගෙ නෝනට. එයා ඉන්නෙ අසනීපෙන්. එයාට මානසික ආබාධයක් තියෙනවා. ඒකට පැය හතරෙන් හතරට බෙහෙත් දෙනවා. එයාට බේත් ටික මිස්වුනොත් මොනවයින් මොනව වෙයිද දන්නෑ. අනේ මගෙ නෝනව බේරලා දෙන්න. මම ඌ ඉල්ලපු ලක්ෂ 50 අරගෙනත් ආවා.

”ඒ, යථාර්ත් සින්හාගේ කතාව.

කෝටි 200 ක් වියදම් කරලා හදපු DHOKHA Round D corner

”එක දවසක් සත්‍යයි බොරුවයි නාන්න ගියාලු. සත්‍ය වතුරට බැස්සා විතරයි බොරුව සත්‍යයේ රෙදිපිළි ටික අරගෙන පැනලා ගියාලු. එදා ඉඳන් බොරුව සත්‍යය විදිහට ඇඳගෙන සමාජයේ ඇවිදිනවලු. මගෙ මහත්තයා මට පිස්සු හදවන්න බෙහෙත් දෙනවා. හැමදාම මෙහෙම මැරි මැරි ඉන්නවට වඩා හොඳයි එකපාර මරන එක.” ඒක සාංචි සින්හාගේ කතාව.

දෝකා කියන්නෙ රැවටීමට. මේකෙ කවුරු කාව රවට්ටනවද කවුරු කාට ආදරේ කරනවද කියල හිතාගන්න එක අන්තිම මොහොත දක්වාම හිතාගන්න බෑ. පාකිස්තාන වැසියෙකුට ඉන්දියාවෙදි වෙච්ච හදියක් ගැන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් වෙලත් මේක ලියන වෙලාව වෙනකොටත් imdb රේටිංස් 7.4 තියෙනවා කියන්නෙ හිතාගන්නකො චිත්‍රපටය කොහොම එකක්ද කියල. කොටින්ම මේකට විරුද්ධව ඉන්දියාවෙ කිසි කෙනෙක් මීක් ගෑවෙ නෑ.

කෝටි 200 ක් වියදම් කරලා හදපු DHOKHA Round D corner

T series සහ භූෂන් කුමාර් එකතුවෙලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටයෙ ප්‍රධාන නිළිය තමයි කුෂාලි කුමාර්. ඉන්දියානු රුපියක් කෝටි 200 ක් වියදම් කරලා හදපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ කුකී ගුලාටි. පළාත්වලට වෙනම බලතල දීලා තියෙද්දි ව්‍යසනයක් හැන්ඩ්ල් කරන්න දේශපාලන අධිකාරියෙන් කරන කඹ ඇදිල්ල වගේම වටේ අයව බැලන්ස් කරන්න මිනිස්සු ගහන ගේම් වගේ සේරම කතන්දර පැයකුත් විනාඩි 52 ක් ඇතුළත ගුලි කරලා කැටි කරලා තමයි දෝකා – රවුන්ඩ් ද කෝනර් චිත්‍රපටයෙන් කියවෙන්නෙ.

● සුහාරා පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment