ඡායාරූපය (වමේ සිට දකුණට) – GSMA හි ජ්‍යෙෂ්ඨ වෙළෙඳ පොළ සම්බන්ධතා කළමණාකාර ගගන්දීප් මාන්චන්ද්‍ර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, GSMA හි අධ්‍යක්ෂ ජෙනරාල් මැට්ස් ග්‍රැන්රිඩ් මහතා සහ GSMA හි Digital Inclusion ප්‍රධානී ක්ලෙයාර් සිබ්තෝර්ප් මහත්මියද ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමේ සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, GSMA හි Connected Women ව්‍යාපෘතිය සමගින් වන සිය ප්‍රතිඥාව අලු‍ත් කර තිබේ.

කාන්තාවන්ට ජංගම දුරකතන හරහා අන්තර්ජාලය වෙත මෙන්ම ඩිජිටල් මුදල් සේවාවන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කරමින්, මෙරට ඩිජිටල් වශයෙන් පවතින ස්ත්‍රී පුරුෂ අසමානතාව තුරන් කිරීම තුළින්, ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ ඩයලොග් කැපවීම මෙමගින් අවධාරණය කෙරේ.

මෙරට අඩු ආදායම් හා මධ්‍යම මට්ටමේ ආදායම් ලබන පවුල්වල කාන්තාවන්ට ජංගම දුරකතන නොමැති වීම, ඩිජිටල් ලෝකය තුළ කාන්තා සහභාගිත්වය අඩු වීමට බලපාන එක් කරුණක් වන අතර, මෙම බරපතල ස්ත්‍රී පුරුෂ ඩිජිටල් පරතරයට විසඳුමක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. 2018 වසරේ පටන්ම, GSMA හි Connected Women ව්‍යාපෘතිය සමගින් අත්වැල් බැඳගෙන කටයුතු කරන ඩයලොග්, ඩිජිටල් මෙවලම් සමගින් කාන්තාවන් සවිබල ගැන්වීම තුළින්, මෙරට ස්ත්‍රී පුරුෂ ඩිජිටල් සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම පමණක් නොව, කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහාද එය මග පාදන බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන සමගින් එක්වන ඩයලොග් හි අරමුණ වන්නේ, ඩිජිටල් වශයෙන් පවතින එවන් බාධාවන්ට විසඳුම් පිරිනැමීමයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ මෙලෙසිනි. ”‍ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිසරය, සියලු‍ දෙනා ඇතුළත් කර ගනිමින්, තිරසාරත්වයෙන් පොහොසත් කිරීමට ඩයලොග් ආසිආටා කැපව සිටිනවා. “GSMA හි Connected Women ව්‍යාපෘතිය සඳහා අපගේ කැපවීම මෙලෙස අලු‍ත් කිරීම, සම්බන්ධතාවයේ පරිවර්තනීය බලය පිළිබඳ අප තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරන සාක්ෂියක්. මෙම වැඩසටහන් තුළින් සිදු කෙරෙන්නේ කාන්තාවන් සවිබල ගන්වමින් ඩිජිටල්කරණයෙන් හා මූල්‍යකරණයෙන් ඔවුන්ව සාර්ථක කිරීම පමණක්ම නොවෙයි, සාධාරණ සමාජයක දියුණුව සාක්ෂාත් කර ගැනීමට කාන්තාවන් මෙහෙයවන අතරෙහි, පුළුල් සමාජ-ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට උත්ප්‍රේරකයක් ලෙසින්ද අපි කටයුතු කරනවා.”‍

advertistmentadvertistment
advertistmentadvertistment