ඩිපෝ 07ක් වර්ජනයේ

273


ඩිපෝ කීපයකම ලංගම බස් රථ සේවකයින් අද (31) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පහරදීමක් මුල්කරගනිමින් මෙලෙස ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර ඇති අතර දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් සේවකයින් මෙලෙස වර්ජනය සිදු කරයි,

හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙනගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment