සිරකරු දිනයට රැඳවියන් 89 කට ජනාධිපති සමාව – ලිස්ට් එකේ රන්ජන් නෑ

716

සිරකරු දිනය නිමිත්තෙන් රැුඳවියන් 89 දෙනකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට  බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට සමාව හිමිවී නැත.

නිදහස ලබන පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක්ද සිටිති. සිරකරු දිනය පසුගිය ඉරිදාට (12 දා) යෙදී තිබුණි.

මහර බන්ධනාගාරයෙන් 10 ක්, වැලිකඩ 5ක්, මීගමුව 2 ක් ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවලින් නිදහස් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම, මංකොල්ලකෑම්, සංවිධානාත්මක අපරාධ, ස්තී‍්‍ර දූෂණ ඇතුළු බරපතළ චෝදනා 27 කට අයත් නොවන පිරිසකි. මෙසේ මුදාහරින ලද පිරිස අතර සුළු වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි අයද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවැසීය.

රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු කලාකරුවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment