යුරෝපයේ සේවයෙන් විශ්‍රාම යෑමේ ඉහළම වයස ඇති රට බවට පත් වෙමින් ඩෙන්මාර්කය එරට සේවකයන් සේවයෙන් විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 70ක් දක්වා ඉහළ දැමීමේ පනතක් සම්මත කරගෙන තිබේ. අදාළ නීතිය 2040 වසරේ සිට ක්‍රියාත්මක වන බව ඩෙන්මාර්ක රජය පවසයි.
වසර 2006 සිට ඩෙන්මාර්කය එරට නිල වශයෙන් සේවයෙන් විශ්‍රාම යෑමේ වයස් සීමාව එරට ආයු අපේක්ෂාව සමග සම්බන්ධ කර තිබෙන අතර එම වයස් සීමාව වසර පහෙන් පහට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව මේ වනවිට එරට සේවයෙන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 67 ක් වන අතර වසර 2030 දී එය අවුරුදු 68ක් දක්වා ද වසර 2035 වසරේ දී අවුරුදු 69ක් දක්වා ද ඉළ නැංවීමට නියමිතය. මේ යටතේ වසර 2040 දී සේවයෙන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 70ක් දක්වා ඉහළ නැංවෙනුයේ 1970 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව උපත ලැබුවන් සඳහා බව ඩෙන්මාර්ක රජය විසින් නිවේදනය කර තිබේ.
මෙසේ විශ්‍රාම ගැනීමේ වයස ඉහළ නැංවීමේ යෝජනාව ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව ජන්ද 81ක්ද විපක්ෂව ජන්ද 21ක්ද ලැබී තිබේ.