අයි.එම්.එෆ්. අභියෝගාත්මකයි බැහැර වීම අනර්ථකාරී විය හැකියි – ශ්‍රී ලංකා මහ බැංකුව

249

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව කටයුතු කිරීම අභියෝගාත්මක වුවත් ඉන් බැහැර වීම මූල්‍ය පද්ධතියට මෙන්ම ආර්ථිකයට අනර්ථකාරී මෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් පහසුකම පිළිබඳ එකඟතාවය මගින් අපේක්ෂා කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ රාමුව තුළ අඛණ්ඩව ක්‍රියාකිරීම ආර්ථිකය හා මූල්‍ය අංශය ස්ථාවර පදනමක් කරා යොමු කිරීමට අත්‍යවශ්‍ය බව ද මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ස්ථායිතා විවරණ වාර්තාවේ මේ බව සඳහන් වේ.

ආර්ථිකයේ පවතින ගැටලු සඳහා ක්‍රියාකාරී ලෙස පිළියම් යෙදිය හැකි ශක්තිමත් සහ උචිත ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙන්ම කාලෝචිත සහ ස්ථාවර ප්‍රතිපත්ති නිවැරදි අනුපිළිවෙළින් ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීමෙහිලා තීරණාත්මක වන බවද මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment