ණය යෝජනාවට ශ්‍රීලනිපයේ මතය

403

දේශීය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු යෝජනාව රටේ ජාතික ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදයට පිළියම් සෙවීමට සැලකියයුතු සහයෝගයක් දක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එහි කරුණු කිහිපයක් පමණක් තවදුරටත් සංවාදයට භාජනය කළ යුතුව ඇති බවය.මෙම යෝජනා යම් පාර්ශ්වයක් විවේචනය කරන්නේ නම් ඔවුන් ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා පවසයි.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කාර්යයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment