තත්කාල නිමිත්තේ රාශී විග්‍රහය

82

තත්කාලය 3 කොටස

මේ ලොවෙහි පවතින සියලුම දේවල් අස්ථීරයි. නමුත් ස්ථීරවම පවතින දෙයක් ඇත. එනම් මේ ලොවෙහි අස්ථීර බවයි. නමුත් අප ජීවත් වන කාලය තුළ කිසිම ගැටලුවක්, කරදර බාධක, ලෙඩදුක්, අගහිඟකම් නොමැතිව ජීවත් වීමට අප කැමැත්තෙමු. එයට එකම විසඳුම තමන්ගේ ආගම දහමට අනුකුලව ජීවත් වීමත් සහ තමන්ගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කර ගනිමින් එයට නිසි ප්‍රතිකර්ම යොදමින් ධාර්මිකව ජීවත් වීමයි.

පෙර සතියෙහි සඳහන් කළ පරිදි මේ ලිපියෙහි රාශී විග්‍රහයක් පළමුව සටහන් කළ යුතුය. තත්කාල නිමිත්ත ප්‍රධාන වශයෙන් ක්‍රම 03කී. එනම්

1 ධාතු
2 මූල
3 ජීව

මෙම ක්‍රම 03න් රාශී හා ග්‍රහයන් වෙන් කිරීම සහ විග්‍රහ කළ යුතුය. පළමුව අපි බලමු.

රාශි විග්‍රහය

ධාතු – චර රාශී – මේෂ, මකර, තුලා, කටක

මූල – තිර රාශී – වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ

ජීව – උභය රාශී – මිථුන, කන්‍යා, ධනු, මීන

ග්‍රහයන් විග්‍රහය

ධාතු – කුජ, චන්ද්‍ර, ශනි

මූල – රවි, ශුක්‍ර

ජීව – ගුරු, බුධ

ප්‍රශ්න චින්තාව විග්‍රහය

ධාතු මගින් – රන්, රිදි, මිල මුදල් පිළිබඳ ගැටලු.

මූල මගින් – යාන වාහන, ඉඩකඩම් හා වෘක්ෂලතා පිළිබඳ ගැටලු.

ජීව – අපා දෙපා, සිවුපා හෙවත් මිහිමත ජීවත්වන සියලුම ප්‍රාණීන් පිළිබඳ මෙමගින් විග්‍රහ කරයි.

ධාතු විග්‍රහය

පොළොවෙන් ලබාගන්නා වූ පදාර්ථයන් නිමිත්තකට යොදා ගන්නා ආකාරය මෙහිදි විග්‍රහ වේ. මෙම පදාර්ථ දාහය (දැවීම) හා අදාහය (දවා නැත) කොටස්වලට බෙදේ. මැණික්, මුතු, හුනුගල් යනාදිය අදාහය වේ. පොළොවෙන් ලබාගන්නා ඇතැම් ලෝහ දවා ගනිමින් ලෝහ නිස්සාරණය කිරීම දාහ ගණයට වැටේ. මේ සඳහා අයත් වන ලෝහ වර්ග ස්වල්පයක් රන්, රිදි, තඹ, පිත්තල, තබක්ක, යකඩ, ඊයම්, ජමේනියම්, ඇලුමීනියම් (අවශ්‍ය නම් සක්‍රියතා ශ්‍රේණය ලෝහ සියල්ල ගත හැකිය.)

මූල විග්‍රහය

යාන වාහන, ඉඩකඩම්, ධන්‍ය, වී අටුව, සියලුම වෘක්ෂලතා, කටු පඳුරු, ලඳු කැලෑ, සියලුම සුනම්‍ය ශාක, ලී බඩු නිෂ්පාදන, මල් පැළ, ඕනෑම ශාකයක ඵලදාව මූල ප්‍රශ්නයකී. එලෙසම අදාළ ගහකොළ සඳහා හානි කරන පළිබෝධකයෝ (සේනා වැනි) පිළිබඳ විමසීම, එලෙසම ගංගා, ඇළදොළ, වැව් පිළිබඳ ගැටලු මෙන්ම පානීය ජලය සඳහා ළිඳක් කැපීම, පොදු ළිං යාබඳ නිවැසියන් දෙදෙනකු මායිම් ගසකට දබර කිරීම මූල ප්‍රශ්නයකී.

තත්කාල නිමිති ශාස්ත්‍රයේ ජීව විග්‍රහය කිරීමක් සිදු කරන අතර මේ දක්වා ඔබට ඇති වූ කිසියම් ගැටලුවලට වෙතොත් සුදුසු ජ්‍යෝතිෂයවේදියෙකු වෙත ගොස් උපදෙස් ලබාගැනීමට පසුබට නොවන්න.

මෙම තත්කාල නිමිත්ත ලිපියෙහි ඉතිරි කොටස ඉදිරි සතිය තුළින් බලාපොරොත්තුවන්න

තත්කාල නිමිත්තේ රාශී විග්‍රහය

සමාජ සේවා ආචාර්ය, ජ්‍යොතිෂ හා
වාස්තු ශාස්ත්‍රවේදී, මානව හිමිකම් සමාජ සේව
දේශමාන්‍ය ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී
එච්. එල්. ආර්. ලියනගේ
දුරකථන අංකය – 076 782 5421


advertistmentadvertistment