පාස්කු ප්‍රහාරයේ සුලමුල එළියට

820

ෂෙයික් හිදයතුල්ලා නමැති අයිඑස් තමිල්නාඩු නායකයා අල්ලා ගැනීමත් සමගම ඉන්දීය බුද්ධි සේවයට පාස්කු ප්‍රහාරයේ සියලු සුලමුල සොයාගැනීමට හැකිවී ඇත.

හිදයතුල්ලා අසුවූයේ තමිල්නාඩුවේ ආරක්‍ෂක නිවසක සිටියදීය. මොහු සහ සහරාන් හෂීම් 2017 සිට දැඩි සබඳකම් පවත්වා ඇති අතර ඉන්ස්ටර් ග්‍රෑම් මගින් තොරතුරු හුවමාරු කරගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන හසුරුවන්නා හිදයතුල්ලා බවත් ඔහු කීපවිටක්ම සිරියාවට ගොස් පැමිණ ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

ඉන්දියා ටුඩේ සඟරාව පැවසුවේ හිදයතුල්ලා දැඩි මතධාරී අයිඑස් ඒජන්තවරයකු බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment